.

.

Wednesday, January 23, 2013

Android සාගරේ පොඩ්ඩක් කිමිදෙමුද Part 2

කලින් පාර අපි Android සාගරේට පය තිබ්බනේ. දැන් ඉතින් බල්ටියක් දෙකක් ගහමු නේද..! කටින් නැව් ටෝක් දුන්නට අතේ හබල්ක්වත් නැද්ද මන්දා.එත් කමක් නෑ අපි අපේ කතාව දිගටම කරගෙන යමු අපේ පාඩුවේ. අද මම කතා කරන්නේ අපිට Android ව්‍යවහාරයේදී අහෙන නුහුරු නුපුරුදු නැති නමුත් තේරුම දන්නේ නැති පට්ට පට පට වදන් ටිකක් ගැන . මේවා නිතරම ඇහෙනවා .බට් තේරුමක් දන්නේ නැති කමක් තියෙනවා.මේ තවුසන් ටෝක් දෙන මටත් ඔය සිද්ධි දාමයම වෙලා තියෙනවා.එකම වෙනස මම තේරුම හොයන්න උත්සහා කරපු එක

හරි...වැල් බයිලා ඇති අපි සබ්ජෙක්ට් එකට බහිමු....

මේ ගමන්ම රූට් කරන්නත් කියලා දෙන්නද. හැබැයි මතක තියා ගන්න රූට් කලොත්නම් පුතේ ආයේ ලොවෙත් වොරන්ටිනම් නැත. එක ඉර හද වගේ සුවර්.  ඉල්ලා වැඩකුත් නෑ දෙන්නෙත් නෑ හොදේ. තමන්ව විශ්වාසෙට තියාගෙන රූට් කරනවා නම් කරපල්ලා. හාට් ඇටෑක් කාරයෝනම් හිතන්නවත් එපා. ඔක කරුමෙටවත් ඩිසිම්ස් උනොත් උඹලා මලාට පස්සෙත් මගේ පස්සෙන් එයි වොරන්ටි ඉල්ලගෙන. හික්ස්

හරි ඔන්න අපි වැඩේ පටාාාන් ගත්තා. මුලින්ම කතා කරමු Boot Loader ගැන.

මොකද්ද අප්පා මේ Boot Loader කියන්ඩේ. ඇත්තටම තේරේන සිංහලෙන් කියනවා නම් මෙහෙයුම් පද්ධතිය ආරම්භ වීමට අවශ්‍ය උපදෙස් හා විධාන එ වගේම මේහෙයුම් පද්ධතිය හා දෘධාංග අතර හානියක් ඇති නොවන පරිදි සම්බන්ධ කිරිම වගේ පට්ට වැඩ කොටස් ටිකක් මේ Boot Loader ක්‍රියාවලිය ඇතුලේ සිද්ධ වෙනවා. සැහෙන වැදගත්. හැබැයි අපේ ගූගල් සමාගම Android මෙහෙයුම් පද්ධතියත් එක්ක මේ කියන Boot Loader එකක් ද්රකතන නිශ්පාදන සමාගම් වලට ලබා දෙනවා. මන් අහලා තියෙන විදියට මේ Boot Loader එක තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කර ගැනිමේ අයිතිය එ සමාගම් වලට ලැබිලත් තියෙනවා

එතකොට Boot Loader  එක unlock කරනවා කියන්නේ

එකියන්නේ සමහර දුරකතන නිශ්පාදකයෝ ඉහත කී Boot Loader එක ලොක් කරලා එවනවා වැඩි ආරක්ෂාවට. හේතුව දුටු දේ අතපත ගා නා ගන්න ඔබ අප වැනි වදුරන් මේ ලොකේ සිටින බව දන්න නිසා.හැබැයි මම දන්න පිරිදි සැම්සුන්(Samsung) මහත්තයලානම් එහෙම ලොක් කරලා එවන්නේ නෑ එන්නෙම unlock condition එකේ. මෙක unlock කොරන්න පුලුවන් මොඩල්ස් තියෙනවා. හැම එකම බෑ. මම    Xperia පවුලේ නිසා පොඩ්ඩක් ගිහින් හොයලා Sony Site බැලුවා එකේ .එකේ තිබ්බේ මෙන්න මේ ටික තමයි Boot Loader unlock කොරන්න පුලුවන් තත්වේ තියෙන්නේ කියලා. යාන්තන් මගේ පුංචි පැටියත් එකේ හිටියා


ඉහතින් තියෙන්නේ Boot Loader unlock කොරන්න පුලුවන් ෆෝන් වල නම් ටික Xperia පවුලේ.

හරි දැන් අපි බලමු ඇයි මේ මගුල unlock කොරන්න මේච්චර දගලන්නේ කියලා. මේක unlock කලාම

ෆෝන් එකට ගැලපෙන ඕනෑම Custom Rom / Custom kernal එකක් Flash කොර ගන්න පුලුවන්
Custom kernal එකක් Flash කොර ගෙන අපේ ප්‍රෝසා overclock කරගන්න පුලුවන්
තව Root කරගන්න බැරි ඕනෑම Firmware එකක් Root කරගන්න පුලුවන්

හරි ඔය කතා ඔහොම තිබ්බට දැන් තමා වැදගත්ම කතාව කියන්නේ. මොකද මේක  Boot Loader unlock කොරන්න කියලා දෙන්න කලින් කියන එක වැදගත්.  Boot Loader unlock කොර කියන්නේ ඉන්තිරුවෙන්ම (සහසුද්දෙන්ම / සිරාවටම ) වොරන්ටියටනම් කෙලම වෙනවා . එකේ ආයේ 2 ක් නෑ නෑමයි.මම කියන්නේ බොරුනම් මේ ලින්ක් එකෙන් යන් . ගිහින් බලන්න
මෙන්න සෝනි කාරයා කියන දේ. සිංහලෙන්ම තියෙනවානේ

හරි එහෙනම් දැන් පිලිවෙලට Boot Loader unlock කරමුද
මේකට මම දන්න පරිදි ක්‍රම කිහිපයක් තියෙනවා

හරි එහෙනම් මුලින්ම අපි දෙයක් දැනගන්න ඕනේ.එ කියන්නේ ඔයාගේ අයිටම් එක (ෆෝන් එක ) Boot Loader unlock කොරන්න පුලුවන්ද කියලා.බැරිනම් දගලලා වැඩක් නැනේ නේද. හරි එක දැනගන්නේ මෙහෙමයි

ටයිප් කොරන්න *#*#7378423#*#*
මේක කොටපු ගමන් මෙන්න මේ සර්විස් වින්ඩෝ එක පෙනෙයි


මෙන්න මේ වින්ඩෝ එකේ service info වල configuration tab එකේ පහලම මෙනුවේ තියෙනවා rooting status කියලා එකේ Bootloader unlock allowed : yes කියලා තියෙනවානම් ආයේ ඉතින් හිත හිත ඉන්න දෙයක් නෑ . අන්ලොක් කරලා විනාශ කරලාම පස්ස බලන්න.

දැන් මම කියන්න යන්නේ Bootloader unlock කරන්න තියෙන ආරක්ෂිතම ක්‍රමය ගැන

යන්න මෙන්න මේ ලින්ක් එකෙන් මෙන්න

මෙන්න මේ පිටුවේ පහලම තියෙනවා start unlocking the bootloader කියලා සිංහලෙන්ම . දෙපාරක් නොහිතා ක්ලික් කොරන්න එක.
එක ක්ලික් කරාම පිටුවක් විතර  Bootloader unlock  කිරිමේ ආදිනව (නරක ) කියලා දෙනවා. එවා දැක දැකත් Bootloader unlock කරන්නම හිතෙනවානම් continue button එක ක්ලික් කරන්න. එක ක්ලික් කරාම ආයෙම සැරයක් අහනවා හොදටම සුවර්ද කියලා. දැන් තේරෙනා නේද වැඩේ දරුණුකම.මෙතෙන්දි චන්ඩි ගොඩාක් හැලෙනවා.මේතරම් කියද්දිත් කම්පා නොවෙන්නේ පට්ට පට පට මෙලොම රහක් නැති එවුන් තමා.එකටත් Yes. i'm sure කියලා ක්ලික් කලාම Name  / IMEI or MEID / E-mail කියන දේවල් ඉල්ලනවාග නම්යි මේල් එකයි දුන්නා කියමු. කොහෙන්ද ( IMEI )ඉමියක් දෙන්නේ. බය වෙන්න එපා කලින් මම කෝඩ් එකක් දුන්නා නේද රහස් මෙනුවකට යන්න . අන්න එ කෝඩ් එක ආයේම ටයිප් කරන්න.බට පස්සේ එනවා නේද වින්ඩෝ එකක්. මේ වින්ඩෝ එකේ service info වල configuration tab එකේ උඩින්ම තියෙනවා ඔයාගේ ෆෝන් එකේ  ( IMEI )ඉමිය. අන්න එකේ මුල් ඉලක්කම් 14 සෝනි වෙබ් පිටුවේ  ( IMEI )ඉමිය ඉල්ලන තැනට පේස්ට් කරන්න. නමයි ඉමේල් එකයි දිලා ඕකේ කරන්නග දැන් ලොග් වෙන්න ඔයාගේ E-mail එකට' ඔයාගේ Inbox එකට New message එකක් ඇවිල්ලා ඇති Sony ලාගෙන්. එකේ Bootloader unlock code ඇති.



දැන් Flashtool ඔපන් කරගන්න. කලින් පෝස්ට් එකේ ඩවුන් ලින්ක් එක දැම්මා. මේ පෝස්ට් එකේ එක ඇති
එක ඩවුන් කරගෙන ඔපන් කරගන්න.

පහත තියෙන ආකාරයට සිලෙක්ට් කරගන්න

මේ වෙලාවෙදි ෆෝන් එක පිසී එකට ප්ලග් කරලා තියෙන්න ඕනේ.එය එසේ වීනම් පහත වින්ඩෝ එකක් එයි  Flashtool  වලින්

මෙතැන්දි ෆෝන් එක ගලවන්න පිසී එකෙන් . ගලවලා ෆෝන් එක ඕෆ් කරන්න. ඉට පස්සේ Volume Down Key එක Press කරගෙනම ෆෝන් එක පිසී එකට Connect කරන්න. දැන් ඉලගට එන වින්ඩෝ එකට කලින් අරගත්ත  Bootloader unlock code එක දෙන්න දිලා ඔකේ කරන්න . ඔන්න දෙයියනේ කියලා ඔයාලා තමන්ගේ ෆෝන් එක විනාශ කරගත්තා. නැ නෑ Bootloader unlock කරගත්තා. මේක හරියටම උනාද බලන්න ආයේම යන්න service info වල configuration tab එකේ පහලම මෙනුවේ තියෙනවා rooting status කියන තැනට. හරියටම Bootloader unlock වෙලානම් දැන් එතැන තියෙන්න ඔනේ Bootloader unlocked කියලා තමයි


ඔන්න Bootloader unlock කතාව ඉවරටම ඉවර කලා. අදහසක් තියෙනවා ඉලග පාර Root කොරන්න කියලා දෙන්න.මොකද හිතන්නේ එක ගැන


ප.ලි---->> මම ආයෙම සැරයක් මේදේ කියන්නේ මේක වැදගත් නිසා.ඔයාලා Bootloader unlock කරපු ගමන් ෆෝන් එකේ වොරන්ටිය නිත්‍යානුකුලවම නැති වී යනවා. එක අනිවා. එක නිසා වටිනා කියන ෆෝන් එකක් නම් මේ දේ කරන්න අඩුම ගානේ වොරන්ටිය ඉවරවෙනකම්වත් ඉන්න. මම මේ හැම දේම කරන්නේ රු.18000/- අයිටම් එකකින්. එත් ඔයාලා ලග ඇති රු.40000/- රු.50000/- හෝ ඉට වැඩි වටිනාකමින් යුතු ‍ෆෝන්. එක නිසා මේ දාන හැම දේම කරන්න එපා විශ්වාසයක් නැතිනම්  



ජය වේවා...! ඔන්න අපි ගියා. බුදු සරණයි.