.

.

Wednesday, November 21, 2012

Android සාගරේ පොඩ්ඩක් කිමිදෙමුද

සැ‍හෙන දවසකින් මට බ්ලොග් එක පැත්තේ පය ගහන්න බැරිව ගියා. මන්ද යත් මා පට්ට පට ලෙස බිසී උන නිසා පහුගිය දවස් ටිකේ. කමක් නැ ඕන අදත් කොල්ලා වැනි වැනී ආවා රසවත් අඩව්වක් අල්ලන්න කියලා. මතෘකාව කට්ටියම දන්නවනේ දැනටම

ඇත්තටම මේක ගැන (Android) කලින් හිනීයට කතාවක් ගියා. මෙන්න මෙහෙම .එත් අදනම් ටිකක් ගැඹුරට පීනන්න තමා හිතාන ඉන්නේ. හැබැයි මුලින්ම කියන්න ඔනේ මේ ලිපිය නම් දවසින් 2න් සතියෙන් වගේ නම් මට ඉවර කරන්න බැරි ‍වෙයි .මන්ද යත් Android ගැන මම දන්න සියලු දේ මෙකේ ලියන්න මම හිතාන ඉන්න නිසා සහ කාලය පට්ටම සීමිත නිසාත්ය. පුලුවන් තරම් ඉක්මනට ලිපිය අවසන් කරන්න ට්‍රයි කොරන්නම් .එතකන් මෙතනට පොඩ්ඩක් ගිහින් කරක් ගහලා බලන්න සල්ලි ගන්නේ නෑ මෙයාලා




Android කියන දේ ගැන ආයේ අ යන්නේ ඉදන් කියලා දෙන්න ඕනේ නැනේ දැන් කාලේ හැදෙන කාටවත්. ඇත්තටම කියනවානම් මෙතෙක් කාලෙකට බිහිඋන සාර්ථකම නිදහස් මෙහෙයුම් පද්ධතියක් විදියට Android හදුන්වා දෙන්න පුලුවන්. ඇත්තටම මේක මොබයිල් මෙහෙයුම් පද්ධතියක් පමණක්ම නොව අවශ්‍යනම් පරිගණකයට උනත් අවුලක් නැතිව දාලා ගින්දර වගේ දුවන්න පුලුවන් මෙහෙයුම් පද්ධතියක්.අන්න එක නිසා මෙක හැම පැත්තෙන්ම සාර්ථකයි. මේක ගැන මට තියෙන එකම අවුල තමයි අයි ඕ එස් එක වගේ මුලින් ආව ඩිවයිස් වලටත් අන්තිම අප්ඩේට් එක ලබාගන්න පුලුවන් කම තියෙනවා වගේ  Android වල එහෙම පහසුකමක් ලබා නොදීම. Android වල අපිට අපේ ඩිවයිසස් අප්ඩේට් කරන්න පුලුවන් ලීගල් විදියට ඊ ලගට එන වර්ශන් එක (UPDATE) එක වෙනකන් විතරයි.එක නිසා අලුතෙන්ම එන ෆන්ෂන්ස් වලට අපේ ෆෝන් සපොට් නොකරන තැනට ආවාමනම් ගොඩාක් දුක හිතෙනවා.

Android .වල තාක්ෂණික කරුණු ගැන කතා කරමු එක නම් ගොඩක් රසවත් වෙයි කියලා හිතනවා.

Android කියන මෙහෙයුම් පද්ධතිය දුවන්න නැත්නම් රන් වෙන්න  සමාන්‍ය පරිගණකයක වගේම හාඩ් එකක් ( ෆෝන් මෙමරිය) රැම් කාඩ් පතක් ප්‍රොසෙසරයක් හා ග්‍රැෆික් සදහා සුදුසු උපාංග අවශ්‍ය වෙනවා. අතීතයේ ඉදන් වර්ධනය වෙමින් ඇවිල්ලා අද වෙනකොට ඩුවෙල් කෝර් කොවැඩ් කොර් නමිව් හදුන්වන සුපිරි ප්‍රොසෙසරයන් හැ 1GB 2GB වන රැම් පත් භාවිතා වන තරමටම අද තාක්ෂණය දියුණු වෙලා. වෙලාවකට පුදුමත් හිතෙනවා.
කමක් නෑ......!

ඔයාලා කැමති නේද දැනට තියෙන වර්ශන් එකේ ඉදලා ඉලගට තියෙන වර්ෂන් එකට යන්න එ කියන්නේ Ginger Bread ඉදන් Ice cream Sandwich වලට එ‍ෙහම නැත්නම් ICS ඉදන් Jelly Bean වලට

මේක වැදගත් 

අපි යම්  දුරකතනයක් මේ විදියට අප්ඩේට් කරනවා නම් අපි එක pc companion එක හරහා කලොත් එකෙන් කියවෙන්නේ අපිට අපේ Android දුරකතනයට official update ලැබුණා කියන එකයි official update වලින් වගකීමට ( warranty ) නීත්‍යානුකූලව හානියක් වෙන්නේ නෑ මන් දන්න පරිදි මොකද කියනවානම්  pc companion එකට official update එක එවන්නේ දුරකතනය නිපදවපු Company මගින් වන නිසා 


මගේ ආදරේ
මගේ ආදරේ කිව්වේ මේක තමයි මගේ ආදරණිය ඇන්ඩ්‍රොයිඩ් රාජයා මම දාන හැම ‍සෙල්ලමම දාන්නේ මේ අහිංසක අයිටම් එකෙන් තමයි.

හරි එහෙනම් අපි මුලින්ම වර්ශන් එක අප්ඩේට් කරමු. එක එක ඩයල් මේකට එක එක වචන කියනවා. එත් මම හිතනවා මම කියපු නම හැමෝටම තේරෙනවා ඇති කියලා.

මේකට ක්‍රම කිහිපයක්ම තියෙනවා. එත් මං නම් දකින සාර්ථකම හා ආරක්ෂාකාරීම ක්‍රමය තමයි pc companion එක හරහා ෆෝන් එක අප්ග්‍රේඩ් කිරීම. මොකද අපි එක pc companion එක හරහා කලොත් එකෙන් කියවෙන්නේ අපිට අපේ Android දුරකතනයට official update ලැබුණා කියන එකයි. official update වලින් වගකීමට ( warranty ) නීත්‍යානුකූලව හානියක් වෙන්නේ නෑ.

ඉට අමතරව flash tool කියන මෘදුකාංගය හරහාත් ඔන්නම් වර්ශන් එක අප්ඩේට් කරගන්න පුලුවන් මෙන්න මෙතනින්

වැඩේට බහිමු

ඔයාලගේ පිසී එකේ pc companion එක ඉන්ස්ටෝල් කරලා තියෙනවානම් ඔයාලා නෙට් එකට ලොග් වෙද්දි මේ වෙනකොට ඔයාලා පාවිච්චි කරන Android දුරකතනයට official update එකක් නිකුත් වෙලානම් එ update එක ඉබේටම ඩවුන්ලෝඩ් කරගන්නවා. එහෙම ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලා ෆෝන් එක පිසී එකට ප්ලග් කරපු ගමන් pc companion එක මතක් කරනවා පෙන්නනවා ඔයාලගේ ෆෝන් එකට official update එකක් නිකුත් වෙලා තියෙන්නේ ඔන්නම් ඉන්ස්ටෝල් කරගන්න කියලා. අපි අන්න එතන ඉදන් පටන් ගම්මු.

මට මේක පෙන්නන්න වෙන්නේ xperia pc companion එකකින් තමා


  • pc companion එක ඕපන් කර ගන්න ෆෝන් එක පිසී එකට ප්ලග් කරන්න දැන් පහතින් පෙන්වන පරිදි එ ලින්ක් එක ක්ලික් කරන්න



  • දැන් ඔයාලට පහතින් පෙනෙන අකාරයේ වින්ඩෝ එකක් ඕපන් වෙලා දිස් වෙවි තියෙවි

මේකේ විදියට අප්ඩේට් කියන බට්න් එක ක්ලික් කරන්න. එතකොට පහතින් පෙනෙන අකාරයේ වින්ඩෝ එකක් දිස්වෙවි..


මේකෙන් කියන්නේ පුතේ බඩු වැඩ කරන්න පටන් ගත්තා කියන එක. එකියන්නේ අප්ග්‍රේඩ් ප්‍රොසෙස් එක පටාාාන් ගත්තා කියන එකයි. කිසිම දේකට බය වෙන්න එපා. මේ රුපේ තියෙන්නේ Ice Cream Sandwich ඉදන් Jelly Beans වලට අප්ග්‍රේඩ් වෙන හැටි .Ginger Bread ඉදන් Ice cream sandwich වලට අප් වෙන්නෙත් මෙහෙම්මම තමයි.


ඔන්න දැන් ඉන්ටර්නෙට් එකෙන් පිසී එකට ‍සෝෆට්වෙයා එක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි දැන් ෆෝන් එකට ඉන්ස්ටෝල් වෙන්න පටාන් ගන්නවා කියලයි මේ වින්ඩෝ එකෙන් කියන්නේ.දැන් නම් පුතේ මරනවා කිව්වත් ෆෝන් එකනම් ගලවන්න එපා. ගලවලා සෝෆට්වෙයා එක ක්‍රෑෂ් උනා කියලා අඩන්නත් එපා හොදේ.....


              මේ ක්‍රියාවලියට ටිකක් වෙලා ගියා කියලා බය වෙන්න එපා ඔන්න. එක සමාන්‍ය දෙයක් මොකද මෙහෙයුම් පද්දතියම වෙනස් වෙන නිසා වෙලාවක් ගන්න එක සාධාරණයි.අන්තිමටම වැඩේ ගොඩ ගියාම පහත වින්ඩෝ එක ලැබෙයි. එකෙන් කියන්නේ බඩු පැකට් කියලා. හික්ස් නැ නෑ වැඩේ ගොඩ කියලයි එ එන්නේ. මේක දැක්ක ගමන් හොද හුස්මක් ගන්න දෙයියනේ කියලා.


ආයෙම රිස්ටාට් උනාම විනාඩි 2ක් විතර යයි කන්ෆිග් වෙන්න.ඉට පස්සේ බඩු යකා වගේ වැඩ.ඔයාලා Ginger Bread ඉදන් Ice cream sandwich වලට ආවානම් ලොකු වෙනසක් දක්නට ලැබෙයි ෆෝන් එකේ මොකද ග්‍රැෆිකල් ඉන්ටර්ෆේස් එක පටන් එකේ වෙනස් නිසා.අලුතින් functions ටිකක් add වෙලා ඇති ටිකක් එ අලුත් ටිකක් මම පහතින් දාන්නම් බලාගන්නත් එක්ක අලුත් functions ටිකක රූප ටිකක් දාන්නම්.

මෙන්න Desktop එක

මෙන්න system information 
මෙන්න protection

මෙන්න protection (Face Detection) 

මේවගේ තව ගොඩාක් අයිටම්ස් තියෙනවා අලුතින්.දාගෙනම බලන්න
මේකත් මතක තියා ගන්න අප් කරද්දි .තමන්ගේ ඩිවයිස් එකේ හැකියාව එකියන්නේ රුම් එක හා ප්‍රොසෙසරය මත එයට සුදුසු update එක තෝරා ගන්න සැලකිලිමත් වෙන්න. එකියන්නේ 2.2 Froyo වගේ තියෙන එකකට  Ice Cream Sandwich හරි Jelly Bean හරි දාන්න ගියෝත් නම් ඩිවයිස් එකට කෑ ගැස්සෙනවා සුවර්. අඩුම ගානේ 512MB & 1GHZ නැත්නම්  Ice Cream Sandwich වගේනම් හිතන්න යන්නවත් එපා. තේරුමක් නෑ මොකද ඩිවයිස් එක පට්ටම ස්ලොව් වෙනවා. අප් කරන්න පුලුවන් උනාට වැඩක් නැනේ වැඩක් කරගන්න බැරිනම්

Android කියන්නේ මේක විතරක් නෙමේ. තව තව දේවල් ගැන Android වල කතා කරන ලොකු ලොකුවචන ගැන ඉලග පාර පෝස්ට් එකෙන් අනිවා කතා කරමු. මේ ලිපිය කල් ඇදුණ එක ගැන පට්ට ලෙසට සමාව ඉල්ලනවා. ඇත්තටම ප්‍රශ්ණ ගොඩක හිටියේ.එකයි එහෙම උනේ තරහා නෑ නේද. එමහනම් අදට ගිහින් එන්නම් 




ප.ලි- මේක මම එකතු කරන්නේ 2014/02 මාසයේදි. මුල් ලිපිය යාවත්කාලින කිරීමක්.මේ වෙදිද් Android වල kitkat කියන අප්ඩේට් එකත් දැන් ලොකෙට නිකුත් වෙලා. kitkat වලින් ආව මුල්ම ෆෝන් එක විදියට නම්බු නාමය හිමිකරගත්තේ LG Nexus 5 කියන ෆෝන් එකයි.




හදවතින්ම ශ්‍රිලාංකික සිංහලයෙක් වෙන්න . බුදු සරණයි.......!