.

.

Thursday, August 25, 2011

පරිඝණකයේ වේගය වැඩි කිරීම (CPU,Ram & Onboard VGA Overclock ).....

අපේ පරිඝණකයේ වේගය දැනට තියෙන තත්වයට වඩා වැඩිකරගන්න අපි හැමෝම ආසයිනේ නේද.මම කියන්න යන්නේ එක කරගන්න පුලුවන් හොද විදියක් ගැන.හැබැයි මේ දේ උපරිම වේගය අවශ්‍ය වේලාවට විතරක් කරන එක පරිඝණකයේ පැවැත්මට හිතකරයි.නැත්නම් අනවශ්‍ය ලෙස පරිඝණකයේ උපාංග රත් වීමක් සිදුවෙන්න පුලුවන්.

මම මුලින්ම කියන්නම් ප්‍රොසෙසරය ඕවර් ක්ලොක් එහෙමත් නැත්නම් ජවගත කරන විදිය....
ප්‍රොසෙසර නිශ්පාදන සමාගම් එවා නිශ්පාදනයේදී ප්‍රොසෙසරයට හොදින් වැඩකල හැකි සමාන්‍ය අගයට ප්‍රොසෙසරයේ වේගය සකස් කරනු ලබනවා.එ උනත් ඕනෑම ප්‍රොසෙසරයකට යම් කිසි උපරිම වේග පරාසයකට ලගාවීමේ හැකියාව තියෙනවා.එනම් බොහෝවිට නිශ්පාදකයා සැකසු අගයට වඩා ඉහල අගයක් වේ.එත් මතක තබාගන්න නිශ්පාදකයා සදහන් කල අගය දිගුකාලින පාවිච්චියට සුදුසුම අගය බව....

ප්‍රොසෙසරය ඕවර් ක්ලොක් කරන්න මුලින්ම අපි පරිඝණකයේ බයෝස් වලට යායුතුයි.පරිඝණකය POWER ON වීමේදී Del හෝ F1 හෝ F2 යන යතුරු එබීම මගින් බයෝස් වල‍ට ලොග් විය හැක.ඉන්පසු Central Control Unit නම් මෙනුවට පිවිස CPU Clock අගය වැඩිකරගන්න.




පරිඝණකය Restart කර Windows වලට log වූ පසු My computer අයිකනය මත right mouse button click කර ලැබෙන මෙනුවේ Properties තුලින් පරිඝණකයේ ප්‍රොසෙසරයේ නවතම වේගය දැකගත හැක.

On board VGA සහ RAM ඕවර් ක්ලොක් කිරීම...

ඉහතින් ප්‍රොසෙසරයේ සිදුකල අකාරයටම බයෝස් වෙත පිවිස Central Control Unit තුල ඇති DRAM Configuration මත කිරිම තුලින් RAM ඕවර් ක්ලොක් කිරිමේ මෙනුව ලබාගත හැක.එහිදි ඔබට අවශ්‍ය පරිදි system memory frequency එක update කරගත හැක.

RAM ඕවර් ක්ලොක් කිරීම.

On board VGA ඕවර් ක්ලොක් කිරීම සදහා බයෝස් වල Advance Chip set Features වෙත යායුතුයි.එහි DVMT/Fixed memory size අගය MAX. වන ලෙස වෙනස් කරගන්න.

On board VGA ඕවර් ක්ලොක් කිරීම..

පරිඝණකය Restart කර Windows වලට log වූ පසු Display Properties වල setting-advance සිලෙක්ට් කර adapter ටැබ් එක click කිරීමෙන් නවතම VGA අගය දැකගත හැක.


සැලකිය යුතුයි..............

යම් විදියකින් ඉහතින් සදහන් කල ඕවර් ක්ලොක් කිරීම සාර්ථක නොවුනහොත් පරිඝණකය Display On නොවී තිබීමට පුලුවන.එසේ වුවහොත් casing එකේ cover එක ගලවා CMOSBattery එම සොකට්ටුවෙන් ගලවා නැවත සවිකරන්න.එවිට Bios Reset වීමක් සිදුවි යලිත් අතිතයේ තිබු වේගයටම පත්වේ.

තවද බයෝස් වැඩසටහන් මවුපුවරු නිශ්පාදන සමාගමින් සමාගමට වෙනස් වේ.එබැවින් ඉහත පියවරයන්ගේ සුළු වෙනස්කම් සිදුවිය හැක.උදාහරණ දක්වා ඇත්තේ Foxconn මවුපුවරුවක් ආශ්‍රයෙනි.