.

.

Monday, April 11, 2011

වේබ් බ්‍රව්සරය අතීතයේ සිට අද දක්වා පැමිණි ගමන් මග....(2)

1998 පමණ වන විට නෙට්ස්කේප් නැවිගේටරයේ වෙලදපල කොටස යලි ගොඩ නොඑන සේ පහතට ඇද වැටුණි.ඉන්පසු ඉන්ටනෙට් එක්ස්ප්ලෝර් ලොව සියලුම පරිඝණක ආක්‍රමණය කරන්නට විය.2002 වන විට ඉන්ටනෙට් එක්ස්ප්ලෝර් හි වෙලදපල පංගුව 96% පමණ විය. 1998දි නෙට්ස්කේප් නැවිගේටරයේ ක්‍රමලේඛ සටහන්(source code)මහජනයාට නිකුත් කෙරුන අතර 2002දි එම ක්‍රමලේඛ සටහන් මත පිහිටා මොසිල්ලා පදනම(Mozilla Foundation) විසින් මොසිල්ලා 01(Mozilla 1) නමින් බ්‍රව්සරයක් ඉදිරිපත් කරන ලදී.2004 දි මෙය නිදහස් බ්‍රව්සරයක් ලෙස මොසිල්ලා ෆයර්ෆොක්ස් 1(Firefox 1) නමින් එලිදැක්විණි.එලෙසින් 2006 දි ෆයර්ෆොක්ස් 2ද(Firefox 2) 2008දී ෆයර්ෆොක්ස් 3(Firefox 3) 2011දී ෆයර්ෆොක්ස් 4(Firefox 4)ද එලිදැක්විණි.ෆයර්ෆොක්ස් ඉන්ටනෙට් එක්ස්ප්ලෝර්ට වඩා වේගවත් වීම හා අරක්ෂාකාරී විම ෆයර්ෆොක්ස්වල ජනප්‍රියත්වයට හේතු විය..





මේ කාලයේදීම ගූගල් සමාගමද අලුත් අකාරයේ බ්‍රව්සරයක් ගැන කතා කරමින් තිබුණී .එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ බෙහෙවින් ප්‍රචලිත ගූගල් ක්රොම් බ්‍රව්සරය එලිදැක්වුණි.ගූගල් ක්රොම් බ්‍රව්සරය වෙලදපලේ අන් සියලු බ්‍රව්සර් වලට වඩා වේගවත් හා අරක්ෂාව අතින් ඉහලින්ම ඇතිබවට පිලි ගැණුනි.එ අනුව වර්තමානයේ බ්‍රව්සර් යුද්ධය පවතින්නේ ඉන්ටනෙට් එක්ස්ප්ලෝර් හා ගූගල් ක්රොම් බ්‍රව්සර් අතර බව නොරහසකි.


Sunday, April 10, 2011

CPUID....

අද මම කියන්න යන්නේ පුංචි software කෑල්ලක් ගැන මේක.පුංචි උනාට අපේ Pc එකේ Hardware කොටස් ගැන හා එවායේ අගයන්(capacity) පිළිබදව හොද විස්තරයක් අපිට ගෙනත් දෙනවා.මම මේකේ screen shot ටිකක් දාන්නම් කට්ටියට බලාගන්නත් එක්ක..




මේක ධාරිතාවෙන් ගොඩාක් පොඩි file එකක් මේ link එකෙන් download කරලා install කරගන්න..

download link එක
http://hotfile.com/dl/114032185/e11ebee/cpu-z_1.56-setup-en.exe.html

Saturday, April 9, 2011

වේබ් බ්‍රව්සරය අතීතයේ සිට අද දක්වා පැමිණි ගමන් මග....(1)

මේ දවස් වල වේබ් බ්‍රව්සර‍් වල අලුත් හදුන්වාදීම් වැඩිපුර දකින්න ලැබුණු නිසා මට හිතුනා වේබ් බ්‍රව්සර‍යේ අතීත නතාව කොහොමද කියලා හොයලා බලන්න
වේබ් බ්‍රව්සර‍යේ අරම්භය 1990 දෙසැම්බර් මාසය වුවද ප්‍රථම ජනප්‍රිය බ්‍රව්සරය ඉදිරිපත් වූයේ 1993 අප්‍රේල් 22දාය.එය මොසැයික්(Mosaic) නමින් නම් විය.මෙහි නිර්මාපකයින් වන්නේ මාක් ඇන්ඩ්‍රීසන් හා එරික් බීනාය.මෙය ග්‍රැපික් භාවිත කල ප්‍රථම බ්‍රව්සරයද වේ.



මොසැයික් බ්‍රව්සරය ආශ්‍රිතව ස්ප්‍රයි මොසැයික්(Spry Mosaic) හා ස්පයිග්ලාස් මොසැයික්(Spyglass Mosaic) වැනි බ්‍රව්සර්ද බිහි විය.

ඉන්පසු ප්‍රබල බ්‍රව්සරයක් බිහිවන්නේ 1994 ඔක්තෝම්බර් 13 වැනිදාය.එය නමින් නෙට්ස්කේප් නැවිගේටරය(Netscape Navigator) වේ.මෙහි නිර්මාපකයා වන්නේද මාක් ඇන්ඩ්‍රීසන්මය ජනප්‍රියම බ්‍රව්සරය බවට පත් වීමට නෙට්ස්කේප් නැවිගේටරයට අපහසු වූයේ නැත



මේ කාලය වන විට මයික්‍රොසොෆ්ට් සමාගමත් වේබ් බ්‍රව්සර‍යක් තැනීමේ කාර්්‍යයට අතගසා තිබුණි.එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ටනෙට් එක්ස්ප්ලෝර් 1995 අගෝස්තු මාසයේදි එලිදකී.නෙට්ස්කේප් නැවිගේටරයට තරගයක් දීමට සමත් වූ එකම බ්‍රව්සර‍ය වන්නේද ඉන්ටනෙට් එක්ස්ප්ලෝර් වේබ් බ්‍රව්සර‍ය වේ.



ඉන්ටනෙට් එක්ස්ප්ලෝර් හා නෙට්ස්කේප් නැවිගේටරය අතර තරගයක් ඇතිවුනේ මෙලෙසයි.එකිනෙකා පරයමින් නැගිසිටිමට මෙම බ්‍රව්සර් 2ම නොයෙකුත් වෙනස්කම්/අත්හදාබැලීම් සිදුකරන ලදි.එහෙත් මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් 95 සමග ඉන්ටනෙට් එක්ස්ප්ලෝර් බ්‍රව්සරය නොමිලේ ලබාදීම තුලින් නෙට්ස්කේප් නැවිගේටරයට මරු පහරක් වැදුණි.වින්ඩෝස් 95 පාවිච්චි කල සියල්ලෝම ඉන්ටනෙට් එක්ස්ප්ලෝර් තම වේබ් බ්‍රව්සර‍ය ලෙස පාවිච්චි කිරීමට පටන් ගත්හ. Contd..

Friday, April 8, 2011

English-සිංහල mobile Dictionary

අන්තර්ජාලයේ සැරිසරද්දි මට mobile Dictionary එකක් හම්බඋනා. මේකේ වැදගත් කම තමා මේක English-සිංහල Dictionary වීම. මම screen shot 2කුත් දාන්නම්කො කට්ටියට බලාගන්න....




මේක install කරගන්න ඔයාලගේ phone වල පහත තියෙන සුදුසුකම් තමා තියෙන්න ඔනේ

J2ME Support (MIDP 2.0 and CLDC 1.1)
2Mb space

මෙන්න DL Link එක

http://www.mdic.tk/sites/mdic/download.html

ඔයාලගේ phone එකේ screen size හා ගැලපෙන application format එක තෝරගෙන DL කර ගන්න

වින්ඩෝස් 7 සිංහලෙන්

දැන් ගොඩාක් අය පාවිච්චි කරන්නේ වින්ඩෝස් 7 නේ. නැත්නම් Bill Gate මහත්තයා පවුනේ.එහෙම හිතලා මාත් වින්ඩෝස් 7 තමා වැඩියෙන් පාවිච්චි කරන්නේ.හැබැයි පැත්තකින් උබුන්ටුත් තියන් ඉන්නවා නිකං තනියට වගේ....

අද මම කියන්නේ වින්ඩෝස් 7 වල DISPLAY LANGUAGE එක සිංහලට හැරවිම ගැන. එ කියන්නේ සිංහල භාෂාවෙන් වින්ඩෝස් වල මුලික කටයුතු කරන හැටි ගැන ඔන්න මම screen shots ටිකක් දානවා බලන්නකෝ එක.....





මෙන්න මේ විදියට LANGUAGE එක වෙනස් කරගන්න ගොඩාක් පොඩි software එකක් ඔයාලගේ pc එකේ පිහිටුවා ගන්න.එකේ නම Windows 7 භාෂා අතුරු මුහුණත් පැකේජය

අවෂ්‍යතාවන්....

• Microsoft Windows 7
• Windows 7 හි මූලික භාෂාව සඳහා අවශ්‍ය වූ ස්ථාපනය: ඉංග්‍රීසි
• 4.63 Mb ඉඩක් බෑමට
• 15 Mb ඉඩක් සිටුවීමට

මෙන්න DL Link එක

http://www.microsoft.com/downloads/d...displaylang=si

ඔයාලගේ pc එකට ගැලපෙන විදියට 32බිට් හෝ 64බිට් වලින් බාගත(dl) කරගන්න.
after installation restart ur pc

හැබැයි යාලුවනේ මේ‍කෙ තියෙන සමහර සිංහල වචන තේරුම් ගන්න සිංහල-සිංහල dic ඔන වෙයි හොදේ ...!