.

.

Thursday, October 2, 2014

Subtitle / උපසිරසි අපිම හදමුද

ඔන්න අදනම් කියන්න යන්නේ ටිකක් විතර ගතියක් තියෙන මාතෘකාවක් ගැන.අපි හැමෝම සබ්ටයිටල් බලලා තියෙනවනේ ෆිල්ම් බලද්දි.කාටවත් හිතුනද තමනුත් සබ්ටයිටල් එකක් නිර්මාණය කලොත් කොහොමද කියලා.එක හරිම සරලයි.කිසිම ගේමක් නෑ.අවශය වෙන්නේ නෝට් පෑඩ් Note Pad එකයි අන්තර්ජාලයයි විතරමයි.

මෙන්න මේකයි කතාව

අපි හිතමු අපි කැමති film එකක් තියෙනවා කියලා sub දාන්න
උදා හරණයක් විදියට මේක ගන්නම්

Film Name Operation.Rogue.2014.DVDRip.XViD-juggs[ETRG] මේ තියෙන්නේ මම ඩවුන්ලොඩ් කරපු film එක තියෙන folder එකේ නම ලියලා තියෙන විදිය.එතැන මම රතු පාටින් පාට කරලා තියෙන ටික දිහා පොඩ්ඩක් බලන්න.එතැන කියවෙන්නේ file format එක ගැන.
අපි sub එකක් හදද්දි හැම වෙලේම film එකේ MB ගාන ගැනයි file format එක ගැනයි සැලකිලිමත් වෙන්න ඕනේ.

අපි download කරපු film එක තියෙන ෆෝල්ඩර් කේ නම කොපි කරගෙන නෙට් එකේ සර්ච් කරන්න එ නමින් ඉංග්‍රිසි subtitle ෆයිල් එකක්.අනිවා එ නමින්ම Result එකක් ලැබෙයි ඔයාලට.ෆිල්ම් එකේ නම සමාන උනාට ඉතිරි හරිය වෙනස්නම් එ සබ් ෆයිල් වලින් වැඩක්නෑ.අපි දුන්න නමට 100% ගැලපෙන සබ් ෆයිල් එකම තෝරගෙන ඩවුන්ලොඩ් කරගන්න.

Operation.Rogue.2014.DVDRip.XViD-juggs[ETRG].srt


කියන්නේ සබ්ටයිටල් වල file extension එක.එක ගැන බය වෙන්න එපා




දැන් දෙයියනේ කියලා download කරපු subtitle ෆයිල් එක open කරගන්න.

මුලින්ම ඔරිජිනල් ඉංග්‍රිසි subtitle ෆයිල් එකේ කොපියක් මැෂින් එකේ කොහේ හරි සේව් කරගන්න.ඉට පස්සේ subtitle ෆයිල් එක open with වලින් notepad එකක open කරගන්න


open කරගත්තම මෙන්න මේ විදියටයි notepad එකේ සබ් එක පෙන්නන්නේ.ඔතැන වේලාව දාලා තියෙන එකේ තේරුම තමයි එ වේලාවේදි එ ලයින් එක එහෙමත් නැතිනම් එ වචන ටික තමයි කියවෙන්නේ කියන එක.අපිට කරන්න තියෙන්නේ ඉංග්‍රිසියෙන් තියෙන ටික පිලිවෙලට එකින් එක සිංහලට පරිවර්තනය කරලා මේ ෆයිල් එක සේව් කරගන්න එක විතරයි


ඔන්න ඔය වගේ සරලව වැඩේ ටයිප් කරගෙන යන්නගහැබැයි ඉතින් අත ගැලවෙනකන් ටයිප් කිරිල්ලක් තමයි තියෙන්නේ.සමාන්‍යෙයන් film එකක සබ් ලයින්ස් අඩුම ගානේ 1000 ට එහා පැත්තේ තියෙන්නේ


දැක්කා නේද. පටන් ගන්නවානම් පටන් ගන්න කොහොම හරි ඉවර කරන්න හිතාගෙනම.මීට කලින් කවුරුවත් සිංහල සබ් දීලා නැති film එකක් තොරා ගන්නත් අමතක කරන්න එපා

එහෙනම් අදට ගිහින් එන්නම්

Monday, September 8, 2014

Lap එක WiFi Hotspot එකක් කරමුද

සාමාන්‍යයෙන් Mobile Device එකනේ  WiFi Hotspot එකක් විදියට වැඩ කරන්නේ.හැබැයි අද මම කියන්න යන්නේ ලැප් එක WiFi Hotspot එකක් කරන්න විදියක් ගන.මේ දේ වැදගත් වෙන්නේ ADSL වගේ කනෙක්ෂන් එකක් තියෙන wireless router එකක් නැති කෙනෙකුට.එතකොට ලැප් එක හරහා  WiFi Connection එක බෙදා හරින්න පුලුවන් Mobile Device වලට.මම එකට දෙන්නම් පොඩි මෘදුකාංගයක්


මේකේ නම mHotspot.මේ තියෙන්නේ සයිට් එක.ගිහින් බලන්න

මෙන්න ඩවුන්ලොඩ් ලින්ක් එක.Download

මාදුකාංගය ඩවුන් කරගෙන ඕපන් කරගන්නකෝ.ඉට පස්සේ WiFi Hotspot Name එකට නමකුයි Password එකකුයි දීලා සේව් කරගන්න.ඉට පස්සේ Start Hotspot Click කරන්න.දැන් දෙයියනේ කියලා Mobile Device එකෙන් සර්ච් පාරක් දිලා බලන්නකෝ.....

Saturday, August 23, 2014

ඇන්ඩ්‍රොයිඩ් (Android) වලින් ඔබ්බට.....

අද මම කතාකරන මාතෘකාව නම් ටිකක් විතර අමුතුයි(Odd) කියලා මටත් හිතෙනවාග එ උනාට බලමු දිගටම කරගෙන යන්න.මෙන්න මේකයි මම කියන්න උත්සහා කරන්නේ.දැන් ඇන්ඩ්‍රොයිඩ් (Android) කිව්වම කොල්ලයි බල්ලයි දෙන්නම ගත්තොත් තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් (Android).එ තරමටම ඇන්ඩ්‍රොයිඩ් (Android) අද සීඝ්‍රයන් ප්‍රචලිත වෙලා.ඇත්තටම මේක ජනප්‍රිය වෙලා කියනවට වඩා ව්‍යාප්ති වෙලා කියන වචනේ පාවිච්චි කරන එක හොදයි කියලා මට හිතෙනවා.

ඇන්ඩ්‍රොයිඩ් (Android) ව්‍යාප්ත වෙන්න හේතු මොනවද

1.සරලකම (ඕනෙම කෙනෙක්ට පහසුවෙන් වැඩ කරන්න පුලුවන් වීම)
2.සිත්ගන්නාසුලු ඉන්ටෆේස් එක (මේ ඉන්ටර්ෆේස් එක පරිහරනය කරන්නාට ප්‍රියයි)
3.බොහෝ මාධ්‍යයන් සමග සම්බන්ධ වීමේ පහසුව (බොහෝ කාර්යයන් එකම තැනකින් කරගත හැකි වීම)
4.නිදහස් මෙහෙයුම් පද්ධතියක් වීම( අම්බානෙක ඇප්ස් නොමිලේ ලබාදීම.)
5.අතේ ඇති ගානට ඇන්ඩ්‍රොයිඩ් (Android)  සැප වීදීමේ ඇති හැකියාව(මන් හිතන්නේ දැන් 7000ටත්  1  ගිගාහර්ට්ස් තියෙන ෆෝන්ස් තියෙනවා ලංකාවේ මාකට් එකේ)

6.ආයතන වලින් තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් (Android) උපාංග විකුණගන්න දෙන ප්‍රචාරණය
7.තව මෙකී නොකී දහසකුත් දේ ඇති

හරි.ගූගල් සමාගම ඇන්ඩ්‍රොයිඩ් (Android) 2007 ආරම්භ කරන්න කලින් අපි මොනාද පාවිච්චි කල ෆෝන්.ඇත්තටම හරි ඇන්ඩ්‍රොයිඩ් (Android) වර්ෂන් එකක් ආවේ 2010දී Froyo කියන වර්ෂන් එක.මේ විදියට ඇන්ඩ්‍රොයිඩ් එනකම් ඇත්තටම මොබයිල් ෆෝන් තිබ්බේ ගල් යුගයේ කියලා පිලිගන්නම වෙනවා.මෙකද එකාලේ තිබ්බ ෆෝන් වල තිබ්බේ ෆෝටෝ ගහන්නයි එස්එම් එස් යවන්නයි තැපෑලෙන් ඉන්ටර්නෙට් යන්නයි විතරමයි වගෙනේ.අනික ඉට වඩා ලොකු දෙයක් අපි බලාපොරොත්තු උනෙත් නෑ මේ කියන පුංචි මොබයිල් ෆෝන් එකෙන්.එකාලේ ස්ටයිල් එක උනේ අලි සයිස් ෆෝන් නෙමේ පුංචි හුරුබුහුටි ෆෝන්.මේ ඔක්කොම උඩුයටිකුරු උනා ඇන්ඩ්‍රොයිඩ් (Android) කරලියට බැසීමත් එක්කම.මොකද් මේ වෙනස.සරල කාර්යයන් කිහිපයකට සීමා වෙලා තිබ්බ ජංගම දුරකතනය බහුකාර්යය උපාංගයක් මෙවලමක් බවට පත් උනා.පරිගණකයට තිබ්බ වටිනාකම සහ තැන ගොඩාක් පහලට බැස්සා.තාක්ෂණික ලොකේ කවදාවත් නොසිතු විරූ ලෙස ඉහල යෑමක් සිද්ද උනා.

මෙ වෙනස ඇන්ඩ්‍රොයිඩ් (Android) එකපාරටම කල දෙයක් කියලා අපිට පිලිගන්න බෑ.මොකද මේ වෙද්දී ගූගල් සමාගම සමග කරට කර තරග කලා අැපල් සමාගම නොකියා සමාගම බ්ලැක්බෙරි සමාගම ඇතුලු ප්‍රධාන පෙලේ සමාගම් ගොඩාක්.තාක්ෂණය අතින් මේ හැම සමාගමක්ම එකම තලයක සිටියා.එත් ඇත්තටම සිද්ධ උනේ මේ කියන විපර්යාසයට හේතු උනේ ගූගල් සමාගම සිය මෙහෙයුම් පද්ධතිය නොමිල නැත්නම් නිදහස් මෘදුකාංගයක් ලෙස ඇන්ඩ්‍රොයිඩ් වල කේත මුලු ලොකෙටම නිදහස් කරපු එක.ගොඩාක් ඉහල වටිනාකම් වලින් තම මෙහෙයුම් පද්ධති මිල කරපු අනික් සමාගම් වලට කනේ පාරක් ගහනවා වගේ ගූගල් සමාගම තම මෙහෙයුම් පද්ධතිය මුලු ලොකෙටම කිදහසේ රස විදින්න අවස්ථාව සලස්සලා දුන්න.එහෙම කලේ 100% ලෝකේට තියෙන ආදරෙට කියලා වැරදියට තේරුම් ගන්නනම් එපා.එකත් බිස්නස් තියරියක්.මොකද මේ තියරියෙන් පුලුවන් විරුද්ධවාදීන් සුන්නද්ධුලි කරලා දාන්න.ඇත්තටම එක එහෙම්මම උනා.ඉස්සර අපෙ රටේ සුපිරි චරිත බිස්නස් කරන අය පාවිච්චි කරපු ඩයලොග්ලා හිට් කරපු බ්ලැක්බෙරි අද කෝ.නන්නත්තාරවෙලම ගිහින්.අද නිකන් බෙරිවත් නෑ.

තිත්ත උනත් ඇත්ත ඔන්න ඕකයි.අනික් සමාගම් මේ තැනට වැටුනේ ඇන්ඩ්‍රොයිඩ් (Android) නිදහස් මෘදුකාංගයක් උන නිසයි.ලොකේ ඉන්න සියලුම වැඩකරුවන් ඇසිල්ලකින් හැරුණා ඇන්ඩ්‍රොයිඩ් (Android)  වෙතට.ඉට පස්සේ පිස්සුවෙන් වගේ ඇන්ඩ්‍රොයිඩ් (Android) වල දියුණු කිරීම් වල නිරත උනා.එ එක්කම ඇන්ඩ්‍රොයිඩ් (Android)  අධිවේගයෙන් ව්‍යාප්තවීම ඇරඹුනා.මේ ව්‍යාප්තවීම කොච්චරක්ද කියනවානම් උන්මාදයක් වෙන තැනටම මේ දේ සිද්ධ උනා.

දැන් මම කියන්නේ නෑ ඇන්ඩ්‍රොයිඩ් පට්ටම චාටර් කියලා.මට ඕනේ උනේ කියන්න ඇන්ඩ්‍රොයිඩ් වලින් තොර ලෝකයකුත් තියෙනවා කියලා විතරයි.මේකට මට ගන්න පුලුවන් හොදම මෙහෙයුම් පද්ධතියක් තමයි වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය.මේක නිදහස් මෘදුකාංගයක් නම් නෙමේ.හැබැයි අපි වින්ඩොස් ඩෙස්ක්ටොප් වර්ශන් එනපාවිච්චි කරනවා වගේම සුුපිරි මෙහෙයුම් පද්ධතියක් මේක.කිසිම අවුලක් නෑ මම දන්න තරමින් නම් නෑ.හැබැයි අපිට තියෙන එකම අවුල අපි මේකට අලුත්


ටිකක් සැර ෆෝන් එකක රිවිව් එකක් දැම්මට බය වෙන්න එපාහරිද.නොකියා වලින් තමා වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය මේ දවස් වල කල එලි බහින්න.මේ ෆෝන්ස් ලූමියා කියන නමින් තමයි හැදින්වෙන්නේ.
නොනියා ලුමියා කියන්නේ ඇත්තටම 100%ක් අංග සම්පුර්ණ  ෆෝන් එකක්තකිසිම අඩුපාඩුවක් නම් නෑ ලොකුවට.සක්‍රින් ටිකක් පහතින් දාන්නම් බලාගන්නත් එක්කම

මේ තියෙන්නේ desktop images ටිකක්




මෙන්න මේ විදියයි menu bar එක



මේ විදියට තමයි වින්ඩෝස් ෆෝන් වැඩ කරන්නේ.ලොකු වෙනසක් නෑ හැබැයි Os එක Lag වෙන්නේ නෑ Freeze වෙන්නේ නෑ. stuck වෙන්නේ නෑ.බැටරියත් දවසකට වැඩිය තියාගන්න පුලුවන් තත්වයක් තමයි තියෙන්නේ උපරිමේට වැඩ කරලා.තව දෙයක් තමයි ගොඩාක් අය කියනවා ඕන් වෙන්නේ නෑ හැම මැෂින් එකටම ගහන්න බෑ වැඩිය අැප්ස් නෑ තියෙන එවා සල්ලි වලට ගන්න ඔනේ කියලා.එවා නම් බොරු බයිලා.මොකද ගුගල් ප්ලේ වගේම වින්ඩොස් මොබයිල් ඇප්ස් මාර්කට් එක්ක තියෙනවා

මෙන්න එක
ක්ලික් කරන්න මෙතැන

Google play store වගේම Windows Mobile store එකත් හොදට ඇප්ස් තියෙන තැනක්.මේකත් ටෙස්ටඩ් ඇප් මාර්කට් එකක්.එක නිසා බය නැතිව ඩවුන්ලොඩ් කරන්නත් පුලුවන්.මොකද ආරක්ෂාව ගැන වින්ඩොස් කට්ටිය සහතික වෙනවනේ.

ආරක්ෂාව ගැනකතා කරද්දී ඇන්ඩ්‍රොයිඩ් (Android) වලට එකක් යන්න එකක් තර්ජන එනවා කියලා ඔයාලා දන්නවනේ.කාලයක් අපි දත්මිටි කකා ගහපු flappy bird (යක්ෂ කුරුල්ලා) අන්තිමට ගූගල්ලාම කිව්වනේ ට්‍රොජන් වයිරස් එකක් කියලා.එ වෙද්දි කෝටි ගාණක් දෙනා තමන්ගේ ෆෝන් වලට ඩවුන්ලොඩ් කරගෙන පැය ගණන් ගගහා ඉන්දැද්දි තමයි ලෝකෙට දෙයියා වෙච්චි ගූගල් එහෙම කිව්වේ.එතකොට යක්ෂ කුරුල්ලා කොච්චර නම් අනුන්ගේ දත්ත ලබාගෙන ඇද්ද.එවා ගන හිතන්නනම් එපා.ආයේ ෆෝන් එපා වෙයි.

මෙතැනදි වින්ඩොස් හරි ඇපල් වල හරි තියෙන වැදගත් කම තමයි සුලුතරයක් නිසා පාවිච්චි කරන්නේ තියෙන තර්ජන සහ එන්න තියෙන තර්ජන අඩුයි.මොකද හැමදෙනාම වලි කන්නේ ඇන්ඩ්‍රොයිඩ් (Android) වලටම ගේම දෙන්න.



තව කතාකරමු මේ ගැන ඉලග දවසේ

Tuesday, August 19, 2014

හෙණ වලින් සල්ලි හොයමුද


මම අද කියන්න යන්නේ නම් ටිකක් විතර පරන කතාවක්.මේක ගැන ලිපියක් දාන්න හිතාන හිටියට එක නිකම්ම යට ගියා.එත් අද මේ ගැන මගෙන් කෙනෙක් අහප නිසා මට තේරුණා මේ ගැන නොදන්න ගොඩාක් අය තාමත් ඉන්නවා කියලා. හරි මම කියන්නම් කතාව පුලුවන් තරම් කෙටියෙන්.මුලින්ම කියන්න ඕනේ මේ ලිපියට මම විදේශාධාරත් ගන්නවා පරිපුර්ණ ලිපියක් විදියට ඔයාලට දෙන්න

ඇත්තටම අපේ කතාවට තේමාව වෙන්නේ අකුණුම නෙමේ අකුණු සන්නායකයි.එකියන්නේ අකුණු ඇදලා ගන්න උස් ගොඩනැගිලි වල පරණ ගෙවල් වල චෛත්‍යවල පල්ලි වල මුදුනෙම හයිකරලා තියෙන අකුණු සන්නායක (ගොඩාක් පරණ) තමයි අද දවසේ සල්ලි උල්පත් බවට පත්වෙලා තියෙන්නේ.

මෙතැනදි වහල උඩ තියෙන අකුණ ඇදලා ගන්න කූරූ 3 ගැන නෙමේ කතා වෙන්නේ.එක අකුණු ඇදලා අරගෙන භූගත කිරිමක්නේ අකුණු සන්නායකයෙන් සිද්ද වෙන්නේ .අන්න එ භූගත කරන අකුණ කෙලින්ම යැවෙන්නේ අකුණු සන්නායකට සම්බන්ධ කරලා අඩි ගානක් යටට වෙන්න හාරලා වල දාලා තියෙන plate එක තමයි මේ කියන විදියට කෝටි ගාණක් වටින දෙයක් බවට පත්වෙලා තියෙන්නේ.

ඇයි මේ  plate එකක් මෙච්චර වටින්නේ.එකටත් හේතුවක් තියෙනවා.මේ plate අවුරුදු ගාණක් පරන වෙන්න පරණ වෙන්න දැනට ලොකේ දිරන්නේ නැති එකම ලොහය කියලා පිලිගන්න ඉරිඩියම් (Iridium) කියන  ලෝහය මේ කියන plate වල එකතුවෙලා තියෙනවා.එක සිද්ධ වෙන්නේ අවුරුදු බර ගාණක් අකුණු සැර වැදිලා වැදිලා.දැකලා නැත්තම් බලාගන්න.මෙන්න ඉරිඩියම් (Iridium).
ඉරිඩියම් (Iridium) ගැන වැඩිවිස්තර කියන්න මම දන්නේ නෑ.මොකද මම විද්‍යාව කොලේ නෑ එලෙවල් වලට.එක නිසා ලැජ්ජා වෙන්න බෑ ඉරිඩියම් (Iridium) ගැන ලෙක්චර්ස් තියන්න ගිහින්.
දන්න විදියට ඉරිඩියම් (Iridium) කියන ලෝහය හොයාගෙන තියෙන්නේනම් Smithson Tennant කියලා කෙනෙක්.ඉරිඩියම් (Iridium)  වල Irris කියන්නේ දේදුන්නට අධිපති දෙයියගේ ගෑණු සතාව සමා වෙන්න එයාගෙ වයිෆ්ව සිහිවෙන්නලු.කොහෙන් ගියත් ගැණු පරාණයක් පැටලෙනවානේ..! ඉරිඩියම් (Iridium) ගැන ඔයිට වඩා විස්තර මෙතැනින් ගන්න
http://en.wikipedia.org/wiki/Iridium


මේ ඉරිඩියම් (Iridium) ගැන ලංකාවේ අය මේච්චර උනන්දු වෙන්න එක හේතුවක් තියෙනවා.එක එච්චර ප්‍රසිද්ධ නම් නෑ.එත් ඇත්ත වෙන්නත් බැරි කමක් නෑ.1800 ගණන් වලදී උල්කාපාත කඩන් වැටීමක් නිසා ලැබිච්ච ලෝහ කොටස් එක්ක ඉරිඩියම් (Iridium) කියන ලෝහය සැලකියයුතු මට්ටමේ ප්‍රමාණයක් ඉන්දියාවට ලැබිලා තිබුණලු. ඉන්දියාවේ නිශ්පාදනය කරපු අකුණු සන්නායක වල plate සෙට් වගේකට වැරදීමකින් ඉරිඩියම් (Iridium) මිශ්‍ර වෙලා ලංකාවට එවලා තියෙනවලු.එවා භාවිත කරලා තියෙනවලු එකාලේ ඉදිකරපු පැරණි ගොඩනැගිලි වල ගෙවල් වල අකුණු සන්නායක වලට.දැන් මේ පස්ස පත්තු වෙලා හොයන්න පටන් අරන් ගියෙන්නේ අන්න එ අකුණු සන්නායක සෙට් එකයි.ඔන්න ඔකයි මේකට මුල් වෙච්චි කතාව.ඇත්තටම අවුරුදු සියගණනක් අකුණ පාරවල් වැදිච්ච plate එකක කොච්චර ශක්ති ප්‍රභවයක් ඇතිද නේද..

අහලා තියන විදියට මේ කියන plate වල පට්ට විකිරණශිලිත්වයක් තියෙනවා.මොකද පැලෙන්න අකුණු වැදිලා තියෙන නිසා.ලගින් ගියත් දැනෙන තරමට මේ විකිරණශිලි බව වැඩි.

ඉතින් කොහෙමද දැනගන්නේ අපි ලග තියෙන plate එකේ විකිරණශිලි ඉරිඩියම් (Iridium)  තියෙනවද කියලා

1 විකිරණශිලි ඉරිඩියම් (Iridium) තියෙනවානම් වල දාලා තියෙන plate එකේ එ මතුපිට පොලොවේ තණකොල ගහක්වත් වැවිලා නැතිව ඇති.මොකද විකිරළුශිලි තාව වැඩි නිසා එහෙම වෙන්නේ.

2 තව ගොඩදාපු plate එකක් ලගදි විකිරණශිලිතාව තියෙනවානම් ෆෝන් සිග්නල් එහෙම පිස්සු නටනවා.එ කියන්නේ සිග්නල් නැති වෙලා යයි

3 තව පරණ සුත්‍රිකා බල්බ් මොඩල් එකේ ටොර්ච් එකක් plate එක ලගට හෝ plate එක තියෙන වලට ලන් කරන්න පත්තු කරලා.බොහෝ විට එක නිමෙයි.නැත්නම් එලිය අඩුවෙයි.නැත්නම් බල්බ් එක පිච්චෙයි.මෙන්න මේවා තමයි සරල ක්‍රම අපිට කරන්න පුලුවන්

100% මේක චෙක් කරගන්න මැෂින් තියෙනවා.එවා තියෙන කට්ටියට අපි මේ නිවුස් එක දුන්නොත් එයාලා ඇවිත් මේක චෙක් කරලා බලලා විකිරණශිලි ඉරිඩියම් (Iridium) ටික අරගෙන අපිට සල්ලි දීලා සමහර විට පරණ plate එකත් දීලම යනවා.මොකද ඉරිඩියම් (Iridium) ටික ගත්ත පස්සේ එයාලට plate එකෙන් වැඩක් නෑ.
net එකේ පොඩ්ඩක් surf කලාම මෙවා හොයන කට්ටිය හරි ලේසියෙන්හොයාගන්න පුලුවන්.ඔයාලා ගාව හොද ෂුවර් බඩු තියෙනවානම් බය නැතිව ගාන කියන්න 0000000 ගණන් වලින්.මොකද මෙක තාම ලංකාවේ නිතීයෙන් නම් තහනම් කරලා නෑ.

ඇයි මෙච්චර ඉරිඩියම් (Iridium) වටින්නේ 

මේකට දෙන්නම් සරල උත්තරයක්.මේකේ නිවැරදිකම විද්‍යාව උගත් බුද්ධිමතුන් අනුදැන වදාරන්න ඕනේ.අලෝක කිරණ හරවා යැවීමේ හැකියාව අපි මේ කියන ඉරිඩියම් (Iridium) සතුයි.විශ්වාස කරන්න හිරු කිරණ වැටෙද්දි ඔයා ඉරිඩියම් (Iridium) වලින් හදපු ඇදුමක් ඇදන් හිටියොත් හිරු කිරණ යන්නේ ඔයාගේ හරහා නෙමෙයි.ඔයාගේ දෙපැත්තේන්.ඉතින් මේක ගැන මීට වඩා උදාහරන අනවශ්‍යයි නේද.ලොකේ ලොකුම මිසයිලේ උනත් හරවලා යවන එක මේ කියන ඉරිඩියම් (Iridium) වලට හරිම සිම්පල්.ඔන්න ඔකයි කෝටි ගණන් දීලා මේකියන ඉරිඩියම් (Iridium) අරන් යන්නේ යුරෝපෙන් ඇමරිකාවෙන්.

ඔය කියන විදියේ ඇදුමක් මේ ලගදි යූ ටියුබ් එකට ලීක් වෙලත්තිබ්බා අමරිකන් ෆෝසස් වලින්

මෙවගේ කිට් එකක් සෙට් උනොත් මොනවා කරන්න බැරිද නේද.ඇඩිලා ඇඩෙනවා ආයෙම.ඔන්න අන්තිමෙදි එක හුස්මට ලිපිය ඉවර කලා.අදට ගිහින් එන්නම්

Tuesday, June 24, 2014

eBAY ගැන දැන ගනිමු (ලිපි අංක 02)

මම කලින් ලිපියේ කිය කිය හිටියේ පේපැල් එකට කාඩ් එකක් (ඩෙබිඩ් හෝ ක්‍රෙඩිට්) අැඩ් කර ගන්න විදියනේ.දැන් එක ඔය ගොල්ලෝ දන්නවා යාන්තමින් හරි.මම දැන් කතා කරන්නේ් මේකේ තියෙන වාසි අවාසි.මේක මෙහෙමයි වෙන්නේ.මේවගේ විදේශ මුදල් ගිණුමක් තියෙන එක ඇත්තටම වාසියි.මොකද ලංකාවේ මුදලට වඩා ගොඩාක් අඩු ගාණට ඔයාලට ලංකාවෙ වෙලදපලේ නාති අයිතම සරලව සහ ආරකෂාකාරිව ගෙදරටම (නැත්තම් කස්ටම් එකට හරි .හික්ස්) ගෙන්න ගන්න පුලුවන්.තව දෙයක් ඔන්ලයින් පේමන්ට්ස් කරන්න (ඕනෑම අවස්ථාවක) මේ මුදල් ගිණුම පාවිච්චි කරන්න පුලුවන්.හැබැයි අපි අපේ විසා කාඩ් පත මෙකට ඇඩ් කරනවා කියන එක දෙපාරක් හිතන්න ඔනේ දෙයක් කියලා කියන්නේ යම් කිසි වැදිමක් අතපසු වීමක් නිසා ඔයාගේ මාසෙක මහන්සිය තප්පර 2න් විනාශ වෙන්න නැති වෙන්න පුලුවන්.එක වෙන්න පුලුවන් ඔයාලගේ වැරදීම් වලින් වගේම සයිබර් ප්‍රහාර වලින්.මොකද කියනවා නම් මේ ලගදිත් ඉ බේ එක එහෙම ප්‍රහාරයකට නතු වෙන්න ඔන්න මෙන්න අවස්තාවක් ඇතිවෙලා තිබිලා.වාසනාවට එහෙම දෙයක් වෙලා නෑ.හැබැයි එයාලා හැම සාමාජියෙක්ගෙම පාස් වර්ඩ් බලෙන්ම වෙනස් කෙරෙව්වා ආරක්ෂාව පතා හැකර්ලගෙන් බේරෙන්න.අව වන විට බ්ලැක් හැකර්ලා(නරක අය) ගොඩාක් දියුනු මට්ටමක ඉන්නේ.අන්න එකයි මේ සයිබර් අවකාශයේ තියෙන භයානක කම.ලැප් එකකුයි ඩොන්ගල් එකකුයි දුන්නොත් හදවත් රෝගියෙක්ගේ හදවත සම්බන්ද කරන යන්ත්‍රය අක්‍රිය කරන්න පුලුවන් බ්ලැක් හැකර්ලා අද ලොකේ ඉන්නවා.එහෙව් අයට අපේ පේපැල් එකවුන්ට එකක් අදින එක මහ ලොකු දෙයක් නෙමෙ මම හිතන විදියට. හරි හරි කරන්න කලින් පොඩ්ඩක් බය කලේ ඇත්තටම මම කාමති නෑ පේපැල් එකට කාඩ් එකක් ඇඩ් කරනවට.හැබැයි සම්පත් වෙබ් කාඩ් එකක් ඇඩ් කලාට නම් ඔන් මගේ අමනාපයක් නෑ.මොකද එකේ ලිමිට් එකක් තියෙනවා.තමන්න කන්ට්‍රෝල් එකක් තියෙන නිසා(බැංකුව ප්‍රෙමා්ට් කරනවා නෙමේ හොදද)

හරි එහෙනම් දැන් බැංකු ගැන කියවා කියා හිටියා ඇති.අපි ආයෙම හැරෙමු eBAY පැත්තට.එකට මම ආරම්භයක් මේ විදියට ගන්නම්


බය වෙන්න එපා මේක දැක්කම.මේ මම මුලදි ආතල් එකට පුංචි පුංචි විදියට ගෙනල්ලා පස්සේ ආම්බානෙක ගෙනල්ලා දැන් නම් ටිකක් අඩුවෙන් ගෙනනපු eBAY අයිටම්ස් ටිකක පැක් කරලා ආව පැකින් ටිකක්(මම ඉරන්නේ නැතිව ඉතිරිකරගත්ත).වෙලාවකට මේකට ඇබ්බැහි උනා කියන්නේ ඉතින් ආයේ කුඩු කෑවා වගේ තමයි.අතේ තියෙන අන්තිම සතේ වෙනකන් මේකට වියදම් කරන්නමයි හිත කියන්නේ.මොක උනත් ගෑනු ලමයිනුයි ගෑනු ලමයි ඉන්න පිරිමි ලමයිනුයි මේකෙන් ඈත්වෙලා ඉන්නවානම් අනාගතේ සුරක්ෂිතයි කියලා හිතනවා.මොකද මේකට යන ඔනේම කොනෙක්ට නැති අවශ්‍යතා ඇති වෙනවා.අපි නොදැක්ක නොහිතන දේවල් මේකේ තියෙනකොට ඉලග මාසේ පඩියටත් ප්ලැන් හදන එක අහන්නත් දෙයක්ද

eBAY එකේ එකේ රෙජිස්ටර් වෙන්න මුලින් ලිපියේ කියාදුන්නා නේ.එහෙනම් දැන් කට්ටියම රෙජිස්ටර් වෙලා ඇතිනේ නේද.?දැන් එහෙනම් eBAY සයිට් එකට ලොග් වෙන්න.එතකොට ඔයාගේ නම සයිට් එකේ උඩින්ම වැටෙයි.එකවුන්ට් එකේ සමරි එක දකුණු පැත්තේ උඩින්ම ඇති

දැනට යන්න අවසරයි..!


Sunday, June 15, 2014

eBAY ගැන දැන ගනිමු (ලිපි අංක 01)


මෙක ගැනනම් ඉතින් අහලා නැති කෙනෙක් ඉන්න විදියක් නෑ අපේ රටේ.යන්න බඩු ගන්න නොදන්නවා උනාට ජිවිතේ එකම එක පාරක් හරි මේ කියන වචනේ අනිවාර්යයෙන්ම කණට නම් වැටිලා ඇති.මේකක්ද මේ ඉ-බේ කියන්නේ.

සරලවම කිව්වොත් eBAY කියන්නේ ගැණුම් කරුවොයි විකුණුම් කරුවොයි එකතු වෙන සුවිසාල වෙලද පොලක්.හරියට අපි දකින ඉරිදා පොල වගේ විශාල පොලක්. වෙනස තමයි මේකට හෞතික ස්වරූපයක් නැති කම.එ කියන්නේ මේ eBAY  කියන පොල තියෙන්නේ කොතැනද කියලා කාටවත් පෙන්නන්න බැරි කම.හැබැයි මම අහලා තියෙන විදියට eBAY ලට රටවල් ගාණක ඔෆිස් තියෙනවා.
මුලික විස්තර මෙතැනින් බලන්න


මේ තියෙන්නේ එයාලගේ හෙඩ් ඔෆිස් එක වන කැලිෆෝනියාවේ තියෙන කාර්යාලය.

eBAY වල කාර්යයභාරය

මේක තමා මුලින්ම කතා කරන්න ඕනේ.ඇත්තටම මොකක්ද මේ කියන අත්භුත eBAY  එකෙන් සිද්ධ වෙන්නේ.හරි.මෙන්න මේකයි කතාව.eBAY  එකෙන් කරන්නේ ගැණුම් කරු හා විකුණුම් කරු එකිනෙකාට මුණගස්වන එක.එ කියන්නේ වෙලෙන්දා හා පාරිහෝගියා එකිනෙකාට මුණගස්වලා මුදල් වටිනා කමින් මැනිය හැකි ගණුදෙණුවක් සිද්ධ කරන එක තමයි eBAY  කට්ටියගේ අරමුණ.මෙතැනදි eBAY  අතරමැදියෙක් විදියටයි කටයුතු කරන්නේ.හැබැයි ඉහත කියපු ගණුදෙන්වට අදාල සියලු පහසුකම් සලසන්නා වෙන්නෙත් eBAY  ම තමයි.ගණුදෙන් කරන දෙපාර්ශවය මුණ ගැහෙන්නේ මෙන්න මේ කියන සයිබර් අවකාශයේදි.මේ තමයි eBAY හොම් පේජ් එක.හරිම සරලයිගඑ වගේම ආරක්ෂිතයි හරියට කලොත් අපි වෙලද ‍පොලෙන් බඩුවක් ගන්නවට වඩා.

කොහොමද අපි eBAY වෙලද පලට එකතු වෙන්නේ

හරිම ලේසියි.මෙන්න මෙතැනින් ගිහින් රෙජිස්ටර් වෙන්න.මම දෙන ලින්ස් ෂුවර් නැත්නම් තමන්ම සර්ච් කරලා හොයාගෙන ගිහින් රෙජිස්ටර් වෙන්න.හරියට රෙජිස්ටර් උනාම ඉමේල් එකවුන්ට් එකට මේල් එකක් එයි.එකේ දෙන ලින්ක් එකෙන් ගිහින් එකවුන්ට් එක වෙරිෆයි(verify) කරගන්න.දැන් ඔන්න ඔයාලට වෙරිෆයි කරපු eBAY  එකවුන්ට් එකක් තියෙනවා.දැන් නිදහසේ එකවුන්ට් එකට ලොග් වෙලා ප්‍රොෆයිල් එකේ eBAY කට්ටිය ඉල්ලන අනික් තොරතුරු ටිකත් පුරවන්න.ඔන්නම් ෆෝටෝ එකකුත් ඇඩ් කරන්න අවංක චේතනාවෙන් නම් මේ දේ පටන් ගත්තේ.ඔයාලා තොරතුරු පුරවද්දි රට ගැන තියෙන තිරුවට අනිවා ශ්‍රි ලංකාව දාන්න හොදේ.මොකද ෂිපින් ගාස්තු එහෙම පෙන්නන්නේ අපි මෙතැනදි දෙන රට අනුව තමයි.

එකවුන්ට් එකක් හැදුවට අපි කෙහොමද සල්ලි එකතු කරන්නේ එකවුන්ට් එකට

ඔන්න ඕක තමයි ඉලග ප්‍රස්නේ.මේකනම් රුලෙන් දෙකෙන් ලියලා දාන්න බෑ.eBAY ලගේ තියෙනවා එයාලටම සුවිශේෂි උන payment method එකක්.එක තමයි Paypal (පේපැල්). මම අහලා තියෙන විදියට නම්  Paypal  කියන මුදල් හුවමාරු ක්‍රමය eBAY නිසා බිහිඋනා කියලා තමයි කියන්නේ.හැබැයි එකේ ඇත්ත නැත්තනම් දන්නේ නෑ.

Paypal (පේපැල්)

Paypal (පේපැල්) කියන්නේ අන්තර්ජාල භාවිතයේති මුදල් හුවමාරු කරන්න අද ලොකේ තියෙන ආරක්ෂිතම හා ජනප්‍රියම ක්‍රමයක්.Paypal (පේපැල්) හරියටම බැංකුවක් වගේ තමයි ක්‍රියා කරන්නේ.අපිට Paypal (පේපැල්) හරහා ඔනෑම රටකට සිමාවක් තුල සල්ලි යවන්න පුලුවන්.හැබැයි මම දන්න විදියට ලංකාවට සල්ලි ගෙන්නුවට ඇත්ත කාසි බවට පත් කරගන්න පේපැල් වලට තාම හැකියාවක් නෑ.මොකද එ වරප්‍රසාදය තාම මහ බැංකුවෙන් ලබා දීලා නෑ. එ උනත් ඔයා online jobs කරන කෙනෙක්නම් ඔයාට ඔයාගේ කස්ටමර්ස්ලා සල්ලි ගෙවන්නේ අනිවා පේපැල් වලින්.එතැන්දි ඔයාට පුලුවන් ලංකාවේ පේපැල් සල්ලි මිලට ගන්න කෙනෙක් හරහා ලංකාවේ නිත්‍යානුකුල සල්ලි බවට පේපැල් සල්ලි පත්කරගන්න. මෙතැන තියෙන වැදගත්කම තමයි Paypal (පේපැල්) නිත්‍යානුකුලයි වගේ 100%ක් විශ්වාසය තබන්න පුලුවන් online බැංකු ක්‍රමයක්.හැබැයි Paypal (පේපැල්) ලා සේවා ගාස්තු වශයෙන් යම් අය කිරිමක් සිද්ධ කරනවා.මෙන්න මෙතැනින් ගිහින් ඔයාලට පේපැල් එකවුන්ට් එකක් හදාගන්න පුලුවන්.මෙතැනදි කියන්න ඔනේ දෙයක් තමයි ඔයාලා මේ Paypal (පේපැල්) එකේ සල්ලි ගන්න බලාපෙරොත්තු වෙනවානම් රට විදියට ලංකාව දෙන්න එපා.එතැනදි මලයාසියාව රට විදියට තොරන්න.Nationality එක දෙද්දි Sri Lankan විදියට දෙන්න එකේ අවුලක් නෑ.


Business method එක සිලෙක්ට් කරගන්න කිව්වේ කවදා හරි ඔයාලා සල්ලි හම්බ කරොත් පේපැල් හරහා එ සල්ලිත් මේ එකවුන්ට් එකටම ගන්න පුලුවන් නිසා

දැන් අපි කෙහොමද පේපැල් එකට සල්ලි දාන්නේ

මේ තැනදි තියෙන්නේ සරල තියරියක්.එ කියන්නේ Paypal (පේපැල්) එක හරියට රිවාර්ජ් කාඩ් එකක් වගේ පාවිච්චි කරන්නත් පුලුවන්.එහෙම නැත්නම් අපේ සබ්බ සකලමනාවම මේකට හරවන්නත් පුලුවන්.එහෙමත් නැත්නම් eBAY එකෙන් බඩු ගන්න විතරක් නම් බොරුවට පේපැල් පෙන්නලා ඩෙබිඩ් කාඩ් එකෙන් (pre active debit card එන්නේ මම දන්න විදියට කොමර්ෂල් බැංකුවෙ තමා.සම්පත් එහෙම වෙනම වෙබ් කාඩ්(web card කියලා කාඩ් ජාතියක් තියෙනවා රු2500 / 5000/ 10000 වගේ ගුණාකාර වලින්. මේ වෙබ් කාඩ් එකක් ගන්න පොර්ම් එකක් සම්පත් බැංකුවෙන් ගන්නත් පුලුවන්.නැත්නම් එයාලාගේ සයිට් එකෙත් තියෙනවා) මම නම් eBAY ගණුදෙනු කලේ කොමර්ෂල් බැංකුවෙන්.ඇත්තටම බැංකුවක් විදියට දකින සුපිරිම බැංකුවක් තමයි එක.හරි එ බයිලා වැඩක් නෑ.මම මුලින් කිව්ව ක්‍රම 3 ටම පේපැල් වලින් සෙල්ලම් කරන්න පුලුවන්.

මොකක්ද පේපැල් එකට කාඩ් එකක් ඇඩ් කරනවා (එකතු කරනවා) කියන්නේ

මෙකෙන් වෙන්නේ අපි අපේ පේපැල් එකවුන්ට් එකට වලංගු විසා හෝ ඩෙබිඩ් කාඩ් එකක් ඇතුලත් කරන එකයි.එතකොට අපේ පේපැල් එක සක්‍රියයි.පේපැල් එකේ add credit card කියන tab එකට යන්න.



ගිහින් විස්තර ටික පුරවන්න.දැන් පහලින් අහලා ඇති CSC Number කියලා එකක්.එක ගැන දැනගන්න පහල තියෙන රූපේ බලන්න.







හරි එහෙනම් දැන් මේ ලිපිය මෙතැනින් නවත්තමු. ලිපි අංක 02 පටන් ගමු.

Thursday, January 30, 2014

සල්ලි දන් නොදී adobe premiere සරලව ඉගෙන ගනිමුද ......?


ඉතින් ඉතින් කොහොමද යාලුවනේ. පට්ට කාලෙකින් නේද ආයේ එන්ටර් උනේ. ඇත්තටම ඔව්.ජිවිතේ මෙලොම රහක් නැතිව පහු ගිය කාලේ ගෙවුණේ. මාරම දුකයි එ ගැන .එත් ඉතින් මක් කරන්නද. දුක සැප නිති පෙරලෙනවාලුනේ. කොයි හැටි උනත් එක අපලයක් නම් ඉවර වේගෙන එනවා ලොවෙත්. මම හිතනවා  ආයේ හිතේ නිදහසෙන් ඔයාලා එක්ක ඉන්න ලැබෙයි කියලා. හරි දැන් එ වැල් බයිලා ඉවරයි.

අද මම කියන්න පටාන් ගත්තේ බොහොම සුන්දර වගේම මිල අධික සබ්ජෙක්ට් එකක් ගැන. මේක අද ලංකාවේ බොහොම ප්‍රාථමික විදියට කියලා දෙනවා අහිංසක මිනිස්සුන්ගෙන් දහස් ගනන් සල්ලි කඩාගෙන.ඇත්තටම premiere , after effects වගේ මෘදුකාංග වල මුලික දැනුම ගත්තාම අනික් බොහොම සරලව ඉගෙන ගන්න පුලුවන්.මොකද මහලොකු වැඩකිඩ හැම එකකටම හදපු plug-ins ඕන තරම් අන්තර් ජංජාලේ තියෙනවා.

premiere කියන දේ ගැන කියන්න පටන් ගත්තොත් මෙක video editing මෘදුකාංගක්. මේක හදපු කොම්පැණිය තමා කවුරුත් දන්න හදුනන  adobe සමාගම. එකයි මෙක adobe premiere නමින් හැදින්වෙන්නේ. ප්‍රාථමික මට්ටමේ  video editing වලට සහ screen key කිරිමට මේක සුපිරි හාණ්ඩයක්.එහෙනම් වැඩ් පටන් ගනිමුද.......

එහෙනම් මුලින්ම premiere මෘදුකාංග install කරගන්නකො ඔයාලගේ machine එකේ. හරි දැනට ඇවිල්ලා තියෙන අන්තිම වර්ශන් එක මම දන්න විදියට Adobe Premiere Pro CC 7.2  වෙන්න ඕනේ මක රිලිස් උනේ දෙසැම්බර්, 2013. මම නම් ඉතින් මේ වගේ හැඩි දැඩි වර්ශන් අනුමත කරන්නේ නෑ.මම නම් තාම Adobe Premiere Pro CS3 තමා යන්නේ. මොකද බොහොම පහසුයි සහ බර අඩුයි. 

හරි එහෙනම් දැන් පටන් ගනිමු. ඩබල් ක්ලික් කරලා premiere open කරගන්නකො. එතකොට මෙන්න මෙහෙම වින්ඩො එකක් එයි.

1)

මෙතැන්දි වෙන්නේ අපේ project එකට නමක් දීම හා අපිට අවශ්‍ය තැනක පරිගණකය් සේව් කර ගැනීමයි.ඉට අමතරව අපි කරන  video වල ගුණාත්මක බව අඩුවැඩි කරගනිමින්ම  project එකට මුල පුරන්න පුලුවන්.

2)

මෙතැනදි දීලා තියෙන default settings වල මහ ලොකු වැරද්දක්නම් මම දකින්නේ නෑ.එක නිසාමම එවා වෙනස් කරන්න යන්නේ නෑ.එත් තමන්ට ඔනේනම් frame rate , output video format, Sample rate screen angle වගේ දේවල් වෙනස් කරගන්න පුලුවන්. 

හරි නම ගම දීලා එහෙනම් දෙයියනේ කියලා ok button එක ඔබන්නකෝ. එබුවද..? හරි දැන් එහෙනම් දැන් මෙන්න මේ වගේ background  දකින්න ලැබේවි


මම තේරෙන ඉංග්‍රිසියෙන් අවශ්‍ය කරන උපාංග ටික විස්තර කරගෙන යන්නම් සරලව ඉහත රූපයේ තියෙන විදියට. දැන් ඔයාලා ඉන්නේ ඔයාලා සේව් කරගත්තු  project එකේ. ටිකක් නිවි හැනහිල්ලේ අතපත ගාලා බලන්නකෝ. 


තවත් දවසක්

ඔන්න එහෙනම් අදත් අපි ආයෙත් හමු උනා. දැන් අපි ලග ලග හම්බු වෙනවා නේද...? මං හිතන්නේ අපල ලාවට ඉවර වේ‍ගෙන එනවා.හරි එහෙනම් දැන් premiere ඕපන් කරගන්නකෝ.

දැන් අලුත් Sequence එකක වැඩ පටාන් ගනිමු යාලුවනේ.

පහල රූ සටහන් බලන්න. ඔයාලට තමන්ගේම විඩියෝ ෆයිල් එකක් ඕපන් කරගන්න ඔනේනම් sequence එක මත ඩබල් ක්ලික් කරන්න ඔනේ. එතකොට ෆෝල්ඩර් බ්‍රවුස් කරන වින්ඩෝ එක ඕපන් වෙයි. එහෙම නැත්නම්  premiere වල දීලා තියෙන සරල අයිටම් ටිකක් බලා ගන්න පුලුවන් පහත විදියට.





 අපි එ අයිටම් උඩ ක්ලික් කරාම එ අයිටම්ස්  sequence එකට ඇඩ් වෙයි. දැන් මොකද කරන්නේ. මෙතැනට ඇඩ් උනා කියලා අහවල් එකක් පෙන්නනවැයි නේද. හරි ඉ ලගට අපි ඉගෙන ගන්නවා ටයිම් ලයින් එකගැන ලාවට.



මෙතැනදි මම ඇත්තටම කලේ sequence එකට ඇඩ් කරගත්ත අයිටම් එක ටයිම් ලයින් එකට ඩ්‍රැග් කර ගත්තා. එකියන්නේ අයිටම් එක උඩ ක්ලික් කරලා මවුස් එක අත නොහැර ටයිම් ලයින් එකේ විඩියෝ තිරුවට ඇදගෙන ඇවිල්ලා එක උඩ අත්හැරියා. හරිම සරලයි. කරලා බලන්න. එතකොට මේ විදියට පෙනෙවි. දැන් තමන්ට අවශ්‍ය නම් මේක ප්ලේ කරලා බලන්නත් පුලුවන්. මම ටයිම් ලයින්‍ එකේ කාලය සුදු පාටින් දක්වලා තියෙනවා. එකියන්නේ
                                      ms - මිලි තත්පර
                                         s - තත්පර
                                        m - මිනිත්තු
                                         h -  පැය


හරි මම තව උදාහරණයක් විදියට  video එකක් මෙතැන ෂෙයාර් කරන්නම්. මේක  premiere වලින්ම විතරක් එඩිට් උන එකක්. මේකේ video එක කපලා අරන් තියෙන්නේ Gajini කියන හින්දි ෆිල්ම් එකෙන්. එක මේ සිංදුවට ඇඩ් කරලා තියෙන විදිය සහ පාවිච්චි කරලා තියෙන ඉෆෙක්ට්ස් ටික පොඩ්ඩකි විමසිල්ලෙන් බලන්න. මේකත් මුලික අදියරෙ වැඩක්.(මෙතැන හැබැයි රෙසලුෂන් නම් ටිකක් මදි.එකට හේතුව ෆිල්ම් එකේ විඩියෝ එකේ රෙසලුෂනුත් මේ සයිස්ම වීම)





ඉස්සරහට මට ඔයාලට කියලා දෙන්න විඩියොස් හදන්න වෙයි.බලමු මම ඉඩ ලැබෙන විදියට ස්ක්‍රින් කැප්චර් (screen capture) කරලා යූ ටියුබ් (You tube ) එකට upload කරන්නම්.   එතකොට එක බලාන ඔයාලට ඉක්මනට තේරුම් ගන්න පුලුවන් සරලව. ගිහින් එන්නද අදට

( ඇත්තටම මට මේ රුප හදන්න Ps නොහොත් ෆෝටෝ ෂොප් සැහෙන උදව්වක් උනා. ලැජ්ජා නැතිව කියන්න ඕනේ එකත් අපි මේ කතා කරන ඇඩෝබේ පවුලෙම සාමාජිකයෙක් තමා. එක තමා මම ආසම මෘදුකාංගය ඇඩොබේලාගේ. Ps ගැනත් අපි නිදහසේ කතා කරමු සෙට් වෙලා දවසක ;) )


මේ ලිපියනම් තාමඉවර නෑ.එත් මේ දවස් වල මගේ අන්ලිමිටඩ් නෙට් ලයින් එක ලිමිට් වෙලා නිසා මේ ලිපිය සම්පුර්ණ කරන එක ටිකක් දුකින් උනත් කල් දාන්න වෙනවා යාලුවනේ්.