.

.

Sunday, August 25, 2013

Power ISO......

මෙන්න CD , DVD Burn කරන්න Bootable Disk හදන්න Iso Images රන් කරන්න අයේ ලො‍වෙත්  නැති පට්ට පට පට සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක නම් සුපිරි අයිටම් එකක්. බොරුනම් පාවිච්චි කරලම බලන්න

මෙන්න මෙතනින් ඩවුන්ලොඩ් කරගන්න





http://www.poweriso.com/download.htm

මෙන්න තියෙනවා ඇක්ටිවේෂන් කී ටික



User Name-: pc-ISO
Registration code :- 212RP-86U3G-1F46L-6ZME3-WGV3W

====================================================================
User Name-: PC-ISO
Registration code :- I9YK2-P48AX-84FD8-KID8C-65WPL

====================================================================
User Name-: PC-ISO2011
Registration code :- 2148F-J8M9N-92IFC-G94M2-XS7JF

====================================================================
User Name-: PowerISO
Registration code :- 5FUXX-5IVM9-XDGSH-5S5JQ-CXUCU

Tuesday, August 20, 2013

නිදහස් මෙහෙයුම් පද්ධතීන් (Opensource Operating Systems)



මිල මුදලින් වටිනාකම් තිරණයකරන මුදලට මිනිසුන් මරන මේ කූර සමාජයේමොනවද අප්පා මේ කියන නිදහස් මෙහෙයුම් පද්ධතීන්. මෙහෙම දේවල් ඇත්තටම තියෙන්න පුලුවන්ද?

ඔව් ඇත්ත. අදටත් ඇත්තටම එහෙම දේවල් තියෙනවා. හැබැයි එ දේවල් ඉපදුන දා ඉදලා (මම නම් නෙමේ) වින්ඩොස් මතම දිව්ව වින්ඩොස් වලින් තොර ලොවක් නැති ලොකයක ජිවත් වෙන අයටනම් හසුරවගන්න ටිකක් විතර අමාරුයි. මම දන්න පරිදි නම් මම පාවිච්චි කරපු විදියට නම් වින්ඩොස් හැර ලිනක්ස් මාදිලියෙන් නිදහස් මෙහෙයුම් පද්ධතීන් අතර තියෙන හොදම සහ ජනප්‍රියම නිදහස් මෙහෙයුම් පද්ධතිය තමයි Ubuntu  (උබුන්ටු). නම අවුල් උනාට මෙයා අංග සම්පුර්ණ ඕස් එකක්.

Ubuntu  (උබුන්ටු)

ඉහත තියෙන රූපයත් Ubuntu වලින් දුවන පීසි එකක ඩෙස්ක් ටොප් එකක්. ඇත්තටම එහෙම බැලුවම මහ ලොකු වෙනසක් නම් දැනෙන්නේ නෑ නේද. වින්ඩොස් 7 වල තියෙන පාරදුෂ්‍ය භාවයත් Ubuntu  වලින් අපිට ලබා ගන්න පුලුවන් ලෙසටම. ඇත්තටම ඇයි එහෙනම් මිනිස්සු Ubuntu හෝ වෙනත් නිදහස් මෙහෙයුම් පද්ධතීන් වලට වැඩිපුර නැඹුරු නොවෙන්නේ. අයි වින්ඩොස් මතම දුවන්නේ. මෙන්න මේ දේවල් තම මට ප්‍රශ්ණ උන දේවල්. මාත් කල්පනා කලා සැහෙන්න ඇත්තටම මේකයි සිද්දිය. මේ කතව දිගටම කරගෙන යදිදි ඔයාලමට තේරේවි ඇයි එ කියන හේතුව

Ubuntu ගැන කතා කරනවා නම් මෙයා මුලින්ම කල එලි දුටුටේ 20 ඔක්තෝම්බර් 2004 වෙනි දින කේත අංක 4.10 විදියට. මෙන්න මේ වගේ 

මේකේ නිර්මාතෘ විදියට කිර්තිනාමය හිමිවෙන්නේ මෙන්න මේ කියන Mark Shuttleworth මහත්තයාට. ඇත්තටම සල්ලි වලට විකිණුන මෘදුකාංග නොමිල භාණඩ බවට පත් කරන්න කැපඋන සුපිරි ගණයේ මිනිහෙක් විදියටයි මමනම් මෙයාව දකින්නේ.මෙයාලා නැත්නම් මේ ලොවේ අපි ඔක්කොම අද වෙදිදී බිල් ගේට් මහත්තයාගේ වහල්ලු වෙලා ගොඩාක් කල්. 
Mark Shuttleworth

ඇත්තටම මෙයා මේ දේ පටන් අරන් තියෙන්නේ පදනමක් විදියට.තමන්ගේ අතින් මුදල් වියදම් කරගෙන ලොකෙට යමක් දෙන්නයි මෙයා උත්සහ කරලා තියෙන්නේ. එකාලෙනම් Ubuntu  සීඩී තැපැල් මාර්ගයෙන් නොමිලේම ගෙදරට ගෙන්වා ගැනීමටත් පහසුකම් සලසා තිබුණාග මේ කියන මාත් Ubuntu 9.04 කියන සංස්කරණය නෙමිලේම ගෙන්වා ගත්තා. හැබැයි දැන්නම් වියදම් අධික නිසා එ කියන තැපැල් වැඩපිලිවෙලනම් නවත්තලා තියෙන්නේ. එත් අදටත් Ubuntu වෙබ් දඩවියෙන් අලුත්ම සංස්කරණය (දැන්නම් 13.04 . මම ලැප් එතටත් මේක දාගෙන ඉන්නේ) ඩවුන්ලොඩ් කරගන්න පුලුවන් කිසිම ගෙවිමකින් හෝ ක්‍රැක් කිරිමකින් තොරව 100% නිදහසේ.


පලවෙනි පාරටම  Ubuntu දාගත්ත‍ කෙනෙක්ටනම් ඇත්තටම මේක ඕපන් කරලා වැඩ කරගෙන යද්දි නිකන් ලතින් වගේ තමයි.මොකද මේකේ වැඩ කරන විදිය 80%ක්ම වගේ වින්ඩාස් වලට වඩා වෙනස් .අනික වින්ඩොස් වල exe kernel එක උබුන්ටු වලට ලතින් වගේ.එ කියන්නේ වින්ඩෝස් වල වැඩසටහන් උබුන්ටු වල දුවන්න බෑ කියන එක. චුටි චූටි ක්‍රම නැත්තෙම නෑ. හරියට වයින් වැඩසටහන වගේ. වයින් කියන්නේ සමහර  exe වැඩසහන් මේ කියන වයින් මෘදුකාංගය හරහා උබුන්ටු මත දුවන්න හදලා තියෙන වැඩසටහන.හැබැයි මේක හරහා ලොකු ලොකු මෘදුකාංග නම් දුවවන්න බෑ ලොවෙත්(මාත් ට්‍රයි කොලානේ ).

තව දෙයක් තමයි උබුන්ටු හෝ අනික් නිදහස් මෙහෙයුම් පද්ධති වින්ඩෝස් වගේ හැම දෙයක්ම අතට පයට නම් කරලා දෙන්නේ නැතිය. මන්ද යත් අපි ඩබල් ක්ලික් කල පමණින් සියලුම දේ එකම වහලක් යටට එ‍න්නේ නෑ වින්ඩෝස් වගේ. ඇත්තටම බිල්ගේට් මහත්තයා අපිට කරලා තියෙන විනේ තෙරෙන්නනම් මේ වගේ නිදහස් මෙහෙයුම් පද්ධතීයක් පාවිච්චි කරන්නම වෙනවා.මොකද කියනවානම් මේකෙදි උබුන්ටු ටර්මිනල් එක හරහා අපි යමක් ඉන්ස්ටොල් කරගන්නවානම් අනිවා අපි කොඩින් පාවිච්චි කරන්නම වෙනවාත වින්ඩොස් වලත් ඩොස් තියෙනවා.හැබැයි දැන් එවා සාමාන්‍ය පුද්ගලයෝභාවිතා කරන්නේ නැනේ.මෙකෙදි එහෙම බෑ


මෙකට අලුතෙන් හුරුවෙන්න ටිකක් අමාරුයි කියන එක මාත් පිලිගන්නවා.එත් අමාරුවෙන් හරි හුරු උනොත් ආයේ වින්ඩොස් මතක් වෙන එකකුත් නෑ.මොකද වින්ඩොස් වගේමෙකේ කිසිම සිමාවක් මායිමක් වැට කඩොල්ලක් නෑ.තමන්ට ඔනෑ දෙයක් නිදහසේ වෙනස් කරගන්න පුර්ණ බලතල මෙහි නිර්මාපකයන් විසින්ම ලබා දී තියෙනවා

තාම ඉවර නෑ හොදේ

Tuesday, April 23, 2013

IDM (Internet Download Manager ) එකට අපිට ඔනේ ඔක්කොම Downloads එක පාරම ලෝඩ් කරමුද




මේක දාන්න පට්ට කාලයක් ගිය එකට මට පට්ට සමා‍වෙන්න. ඇත්තටම මම කාලෙකින් මම මේ පැත්ත පලාතට ආවේ නෑ. අවංකවම ප්‍රශ්ණ වැඩි කම සහ හිතට නිදහසක් නැති කම. ජාවිතේ එපා වෙන තරමටම.කොහෙමහරි ඔන්න අද මේක සම්පුර්ණ කරන්න හිතානමයි ආවේ

මේකයි කරන්න තියෙන්නේ

ඔයාට ඔනේ කරන ඔක්කොම විඩියෝ ටික IDM එකට දාගෙන pause කරගන්න පහත විදියට.



ඉට පස්සේ පහතින් කියන විදියට අලුත් queue එකක් තුලට ගොනු කරගන්න මේ විදියට

දැන් අපි බලමු කෝමද  queue එක හදාගන්නේ කියලා පහත රූපයෙන්



වැඩේ අහවරයි.දැන් ඉතින් ලොවෙත් නැතිවෙන්න  IDM එක පෝලිමේ බාන්න පටන් ගනි එලිවෙනකම්.මන් දන්නවා අපේ කොල්ලන්ටනමි මේක මසුරන් වටිනවා කියලා.ඔන්න එහෙනම් කාලෙකට පස්සේ ඇවිත් කියන්න හිත හිතා හිටිය දේ කියලා ඉවරයක් කලා. ගිහින් එන්නම්



Sunday, January 27, 2013

සිංහල Unicode දෙන්නද Android වලටත්

ඉතින් කොල්ලනේ එකක් දාලා එක ඉවර කරන්නෙත් නැතිව තව එකක් පටන් ගත්ත එකට මට සමා වෙයල්ලා එකසිය ගාණට. මොක උනත් අද කියන්න යන්නේනම් පට්ට පට පට කතාවක්.එකියන්නේ උඹලගේ  Android ජිල්මාට් එකටත් හිංගල නැතහොත් සිංහල ෆෝන්ට් කැල්ලක් දාගන්න විදියක් ගැන. මේද දා ගත්තම දෙයියනේ කියලා වර්ඩ් ඩොකියුමන්ට් කැල්ලක් මේල් එකක් සිංහලෙන් බලා ගන්න පුලුවන් වෙයි (ඉංග්‍රිසියෙන් ආව මේල් සිංහලෙන් පෙන්නන්නේ නෑ හරිය)

මුලින්ම කියන්න ඕනේ මේකට අයිටම් එක රූට් කරලානම් තිබිය යුතුයි. එක එහෙම නම් වැඩේ පටාාාාන් ගම්මු.මුලින්ම ෆෝන් එකට දාගන්න Root explorer කියන සොෆ්ට්වෙයා ජිල්මාට් එක. මෙන්න එක


මේක දාගත්තම එපා මගුලයි ඕනේ මගුලයි හැම දේම පෙන්නනවා ලෝභ නැතිව. හරි කට්ටියම මේක දාගත්තනේ. දැන් මන් දෙන්නම් සිංහල ෆෝන්ට් පැක් එක මෙන්න භාණ්ඩේ

හරිය.දැන් මේක අන්සිප් කරලා මෙමරියට පේස්ට් කරගන්න. ඉට පස්සේ root Explorer හරහා ගිහින් Font එක copy කරගෙන System වල font folder ඇතුලට paste කරගන්න

කාරිය අහවරනම් දෙයියනේ කියලා Reboot කරන්න device එක

දැන් ඉතින් ඇස් සදක වහගෙන සිංහලෙන් ආපු මේල් කෑල්ලක් හරි ඩොකියුමන්ට් එකක් හරි ඔපන් කරලා බලන්න. 100% ලෙසටම නෑ . එත් 90% විතර සාර්තකයි වැඩේ. මම දාන්නම් මගේ ෆෝන් එකේ සක්‍රීන් එකක්


ප.ලි මේකේ තියෙන වැදගත්කම තමා මෙතෙන්දි ෆෝන් එක කියවන්නේ සිස්ටම් එකේ තියෙන ෆෝන්ට් එකකින්. එහෙම නැතිව සොෆ්ට්වෙයාර් එකක් හරහා නෙමේ. අන්න එකයි මේක වැදගත් වෙන්නේ

ඔන්න එහෙනම් මම ගියා. සිංහලයාට ජය වේවා. බුදු සරණයි.......!


Wednesday, January 23, 2013

Android සාගරේ පොඩ්ඩක් කිමිදෙමුද Part 2

කලින් පාර අපි Android සාගරේට පය තිබ්බනේ. දැන් ඉතින් බල්ටියක් දෙකක් ගහමු නේද..! කටින් නැව් ටෝක් දුන්නට අතේ හබල්ක්වත් නැද්ද මන්දා.එත් කමක් නෑ අපි අපේ කතාව දිගටම කරගෙන යමු අපේ පාඩුවේ. අද මම කතා කරන්නේ අපිට Android ව්‍යවහාරයේදී අහෙන නුහුරු නුපුරුදු නැති නමුත් තේරුම දන්නේ නැති පට්ට පට පට වදන් ටිකක් ගැන . මේවා නිතරම ඇහෙනවා .බට් තේරුමක් දන්නේ නැති කමක් තියෙනවා.මේ තවුසන් ටෝක් දෙන මටත් ඔය සිද්ධි දාමයම වෙලා තියෙනවා.එකම වෙනස මම තේරුම හොයන්න උත්සහා කරපු එක

හරි...වැල් බයිලා ඇති අපි සබ්ජෙක්ට් එකට බහිමු....

මේ ගමන්ම රූට් කරන්නත් කියලා දෙන්නද. හැබැයි මතක තියා ගන්න රූට් කලොත්නම් පුතේ ආයේ ලොවෙත් වොරන්ටිනම් නැත. එක ඉර හද වගේ සුවර්.  ඉල්ලා වැඩකුත් නෑ දෙන්නෙත් නෑ හොදේ. තමන්ව විශ්වාසෙට තියාගෙන රූට් කරනවා නම් කරපල්ලා. හාට් ඇටෑක් කාරයෝනම් හිතන්නවත් එපා. ඔක කරුමෙටවත් ඩිසිම්ස් උනොත් උඹලා මලාට පස්සෙත් මගේ පස්සෙන් එයි වොරන්ටි ඉල්ලගෙන. හික්ස්

හරි ඔන්න අපි වැඩේ පටාාාන් ගත්තා. මුලින්ම කතා කරමු Boot Loader ගැන.

මොකද්ද අප්පා මේ Boot Loader කියන්ඩේ. ඇත්තටම තේරේන සිංහලෙන් කියනවා නම් මෙහෙයුම් පද්ධතිය ආරම්භ වීමට අවශ්‍ය උපදෙස් හා විධාන එ වගේම මේහෙයුම් පද්ධතිය හා දෘධාංග අතර හානියක් ඇති නොවන පරිදි සම්බන්ධ කිරිම වගේ පට්ට වැඩ කොටස් ටිකක් මේ Boot Loader ක්‍රියාවලිය ඇතුලේ සිද්ධ වෙනවා. සැහෙන වැදගත්. හැබැයි අපේ ගූගල් සමාගම Android මෙහෙයුම් පද්ධතියත් එක්ක මේ කියන Boot Loader එකක් ද්රකතන නිශ්පාදන සමාගම් වලට ලබා දෙනවා. මන් අහලා තියෙන විදියට මේ Boot Loader එක තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කර ගැනිමේ අයිතිය එ සමාගම් වලට ලැබිලත් තියෙනවා

එතකොට Boot Loader  එක unlock කරනවා කියන්නේ

එකියන්නේ සමහර දුරකතන නිශ්පාදකයෝ ඉහත කී Boot Loader එක ලොක් කරලා එවනවා වැඩි ආරක්ෂාවට. හේතුව දුටු දේ අතපත ගා නා ගන්න ඔබ අප වැනි වදුරන් මේ ලොකේ සිටින බව දන්න නිසා.හැබැයි මම දන්න පිරිදි සැම්සුන්(Samsung) මහත්තයලානම් එහෙම ලොක් කරලා එවන්නේ නෑ එන්නෙම unlock condition එකේ. මෙක unlock කොරන්න පුලුවන් මොඩල්ස් තියෙනවා. හැම එකම බෑ. මම    Xperia පවුලේ නිසා පොඩ්ඩක් ගිහින් හොයලා Sony Site බැලුවා එකේ .එකේ තිබ්බේ මෙන්න මේ ටික තමයි Boot Loader unlock කොරන්න පුලුවන් තත්වේ තියෙන්නේ කියලා. යාන්තන් මගේ පුංචි පැටියත් එකේ හිටියා


ඉහතින් තියෙන්නේ Boot Loader unlock කොරන්න පුලුවන් ෆෝන් වල නම් ටික Xperia පවුලේ.

හරි දැන් අපි බලමු ඇයි මේ මගුල unlock කොරන්න මේච්චර දගලන්නේ කියලා. මේක unlock කලාම

ෆෝන් එකට ගැලපෙන ඕනෑම Custom Rom / Custom kernal එකක් Flash කොර ගන්න පුලුවන්
Custom kernal එකක් Flash කොර ගෙන අපේ ප්‍රෝසා overclock කරගන්න පුලුවන්
තව Root කරගන්න බැරි ඕනෑම Firmware එකක් Root කරගන්න පුලුවන්

හරි ඔය කතා ඔහොම තිබ්බට දැන් තමා වැදගත්ම කතාව කියන්නේ. මොකද මේක  Boot Loader unlock කොරන්න කියලා දෙන්න කලින් කියන එක වැදගත්.  Boot Loader unlock කොර කියන්නේ ඉන්තිරුවෙන්ම (සහසුද්දෙන්ම / සිරාවටම ) වොරන්ටියටනම් කෙලම වෙනවා . එකේ ආයේ 2 ක් නෑ නෑමයි.මම කියන්නේ බොරුනම් මේ ලින්ක් එකෙන් යන් . ගිහින් බලන්න
මෙන්න සෝනි කාරයා කියන දේ. සිංහලෙන්ම තියෙනවානේ

හරි එහෙනම් දැන් පිලිවෙලට Boot Loader unlock කරමුද
මේකට මම දන්න පරිදි ක්‍රම කිහිපයක් තියෙනවා

හරි එහෙනම් මුලින්ම අපි දෙයක් දැනගන්න ඕනේ.එ කියන්නේ ඔයාගේ අයිටම් එක (ෆෝන් එක ) Boot Loader unlock කොරන්න පුලුවන්ද කියලා.බැරිනම් දගලලා වැඩක් නැනේ නේද. හරි එක දැනගන්නේ මෙහෙමයි

ටයිප් කොරන්න *#*#7378423#*#*
මේක කොටපු ගමන් මෙන්න මේ සර්විස් වින්ඩෝ එක පෙනෙයි


මෙන්න මේ වින්ඩෝ එකේ service info වල configuration tab එකේ පහලම මෙනුවේ තියෙනවා rooting status කියලා එකේ Bootloader unlock allowed : yes කියලා තියෙනවානම් ආයේ ඉතින් හිත හිත ඉන්න දෙයක් නෑ . අන්ලොක් කරලා විනාශ කරලාම පස්ස බලන්න.

දැන් මම කියන්න යන්නේ Bootloader unlock කරන්න තියෙන ආරක්ෂිතම ක්‍රමය ගැන

යන්න මෙන්න මේ ලින්ක් එකෙන් මෙන්න

මෙන්න මේ පිටුවේ පහලම තියෙනවා start unlocking the bootloader කියලා සිංහලෙන්ම . දෙපාරක් නොහිතා ක්ලික් කොරන්න එක.
එක ක්ලික් කරාම පිටුවක් විතර  Bootloader unlock  කිරිමේ ආදිනව (නරක ) කියලා දෙනවා. එවා දැක දැකත් Bootloader unlock කරන්නම හිතෙනවානම් continue button එක ක්ලික් කරන්න. එක ක්ලික් කරාම ආයෙම සැරයක් අහනවා හොදටම සුවර්ද කියලා. දැන් තේරෙනා නේද වැඩේ දරුණුකම.මෙතෙන්දි චන්ඩි ගොඩාක් හැලෙනවා.මේතරම් කියද්දිත් කම්පා නොවෙන්නේ පට්ට පට පට මෙලොම රහක් නැති එවුන් තමා.එකටත් Yes. i'm sure කියලා ක්ලික් කලාම Name  / IMEI or MEID / E-mail කියන දේවල් ඉල්ලනවාග නම්යි මේල් එකයි දුන්නා කියමු. කොහෙන්ද ( IMEI )ඉමියක් දෙන්නේ. බය වෙන්න එපා කලින් මම කෝඩ් එකක් දුන්නා නේද රහස් මෙනුවකට යන්න . අන්න එ කෝඩ් එක ආයේම ටයිප් කරන්න.බට පස්සේ එනවා නේද වින්ඩෝ එකක්. මේ වින්ඩෝ එකේ service info වල configuration tab එකේ උඩින්ම තියෙනවා ඔයාගේ ෆෝන් එකේ  ( IMEI )ඉමිය. අන්න එකේ මුල් ඉලක්කම් 14 සෝනි වෙබ් පිටුවේ  ( IMEI )ඉමිය ඉල්ලන තැනට පේස්ට් කරන්න. නමයි ඉමේල් එකයි දිලා ඕකේ කරන්නග දැන් ලොග් වෙන්න ඔයාගේ E-mail එකට' ඔයාගේ Inbox එකට New message එකක් ඇවිල්ලා ඇති Sony ලාගෙන්. එකේ Bootloader unlock code ඇති.



දැන් Flashtool ඔපන් කරගන්න. කලින් පෝස්ට් එකේ ඩවුන් ලින්ක් එක දැම්මා. මේ පෝස්ට් එකේ එක ඇති
එක ඩවුන් කරගෙන ඔපන් කරගන්න.

පහත තියෙන ආකාරයට සිලෙක්ට් කරගන්න

මේ වෙලාවෙදි ෆෝන් එක පිසී එකට ප්ලග් කරලා තියෙන්න ඕනේ.එය එසේ වීනම් පහත වින්ඩෝ එකක් එයි  Flashtool  වලින්

මෙතැන්දි ෆෝන් එක ගලවන්න පිසී එකෙන් . ගලවලා ෆෝන් එක ඕෆ් කරන්න. ඉට පස්සේ Volume Down Key එක Press කරගෙනම ෆෝන් එක පිසී එකට Connect කරන්න. දැන් ඉලගට එන වින්ඩෝ එකට කලින් අරගත්ත  Bootloader unlock code එක දෙන්න දිලා ඔකේ කරන්න . ඔන්න දෙයියනේ කියලා ඔයාලා තමන්ගේ ෆෝන් එක විනාශ කරගත්තා. නැ නෑ Bootloader unlock කරගත්තා. මේක හරියටම උනාද බලන්න ආයේම යන්න service info වල configuration tab එකේ පහලම මෙනුවේ තියෙනවා rooting status කියන තැනට. හරියටම Bootloader unlock වෙලානම් දැන් එතැන තියෙන්න ඔනේ Bootloader unlocked කියලා තමයි


ඔන්න Bootloader unlock කතාව ඉවරටම ඉවර කලා. අදහසක් තියෙනවා ඉලග පාර Root කොරන්න කියලා දෙන්න.මොකද හිතන්නේ එක ගැන


ප.ලි---->> මම ආයෙම සැරයක් මේදේ කියන්නේ මේක වැදගත් නිසා.ඔයාලා Bootloader unlock කරපු ගමන් ෆෝන් එකේ වොරන්ටිය නිත්‍යානුකුලවම නැති වී යනවා. එක අනිවා. එක නිසා වටිනා කියන ෆෝන් එකක් නම් මේ දේ කරන්න අඩුම ගානේ වොරන්ටිය ඉවරවෙනකම්වත් ඉන්න. මම මේ හැම දේම කරන්නේ රු.18000/- අයිටම් එකකින්. එත් ඔයාලා ලග ඇති රු.40000/- රු.50000/- හෝ ඉට වැඩි වටිනාකමින් යුතු ‍ෆෝන්. එක නිසා මේ දාන හැම දේම කරන්න එපා විශ්වාසයක් නැතිනම්  



ජය වේවා...! ඔන්න අපි ගියා. බුදු සරණයි.