.

.

Sunday, January 27, 2013

සිංහල Unicode දෙන්නද Android වලටත්

ඉතින් කොල්ලනේ එකක් දාලා එක ඉවර කරන්නෙත් නැතිව තව එකක් පටන් ගත්ත එකට මට සමා වෙයල්ලා එකසිය ගාණට. මොක උනත් අද කියන්න යන්නේනම් පට්ට පට පට කතාවක්.එකියන්නේ උඹලගේ  Android ජිල්මාට් එකටත් හිංගල නැතහොත් සිංහල ෆෝන්ට් කැල්ලක් දාගන්න විදියක් ගැන. මේද දා ගත්තම දෙයියනේ කියලා වර්ඩ් ඩොකියුමන්ට් කැල්ලක් මේල් එකක් සිංහලෙන් බලා ගන්න පුලුවන් වෙයි (ඉංග්‍රිසියෙන් ආව මේල් සිංහලෙන් පෙන්නන්නේ නෑ හරිය)

මුලින්ම කියන්න ඕනේ මේකට අයිටම් එක රූට් කරලානම් තිබිය යුතුයි. එක එහෙම නම් වැඩේ පටාාාාන් ගම්මු.මුලින්ම ෆෝන් එකට දාගන්න Root explorer කියන සොෆ්ට්වෙයා ජිල්මාට් එක. මෙන්න එක


මේක දාගත්තම එපා මගුලයි ඕනේ මගුලයි හැම දේම පෙන්නනවා ලෝභ නැතිව. හරි කට්ටියම මේක දාගත්තනේ. දැන් මන් දෙන්නම් සිංහල ෆෝන්ට් පැක් එක මෙන්න භාණ්ඩේ

හරිය.දැන් මේක අන්සිප් කරලා මෙමරියට පේස්ට් කරගන්න. ඉට පස්සේ root Explorer හරහා ගිහින් Font එක copy කරගෙන System වල font folder ඇතුලට paste කරගන්න

කාරිය අහවරනම් දෙයියනේ කියලා Reboot කරන්න device එක

දැන් ඉතින් ඇස් සදක වහගෙන සිංහලෙන් ආපු මේල් කෑල්ලක් හරි ඩොකියුමන්ට් එකක් හරි ඔපන් කරලා බලන්න. 100% ලෙසටම නෑ . එත් 90% විතර සාර්තකයි වැඩේ. මම දාන්නම් මගේ ෆෝන් එකේ සක්‍රීන් එකක්


ප.ලි මේකේ තියෙන වැදගත්කම තමා මෙතෙන්දි ෆෝන් එක කියවන්නේ සිස්ටම් එකේ තියෙන ෆෝන්ට් එකකින්. එහෙම නැතිව සොෆ්ට්වෙයාර් එකක් හරහා නෙමේ. අන්න එකයි මේක වැදගත් වෙන්නේ

ඔන්න එහෙනම් මම ගියා. සිංහලයාට ජය වේවා. බුදු සරණයි.......!