.

.

Monday, April 11, 2011

වේබ් බ්‍රව්සරය අතීතයේ සිට අද දක්වා පැමිණි ගමන් මග....(2)

1998 පමණ වන විට නෙට්ස්කේප් නැවිගේටරයේ වෙලදපල කොටස යලි ගොඩ නොඑන සේ පහතට ඇද වැටුණි.ඉන්පසු ඉන්ටනෙට් එක්ස්ප්ලෝර් ලොව සියලුම පරිඝණක ආක්‍රමණය කරන්නට විය.2002 වන විට ඉන්ටනෙට් එක්ස්ප්ලෝර් හි වෙලදපල පංගුව 96% පමණ විය. 1998දි නෙට්ස්කේප් නැවිගේටරයේ ක්‍රමලේඛ සටහන්(source code)මහජනයාට නිකුත් කෙරුන අතර 2002දි එම ක්‍රමලේඛ සටහන් මත පිහිටා මොසිල්ලා පදනම(Mozilla Foundation) විසින් මොසිල්ලා 01(Mozilla 1) නමින් බ්‍රව්සරයක් ඉදිරිපත් කරන ලදී.2004 දි මෙය නිදහස් බ්‍රව්සරයක් ලෙස මොසිල්ලා ෆයර්ෆොක්ස් 1(Firefox 1) නමින් එලිදැක්විණි.එලෙසින් 2006 දි ෆයර්ෆොක්ස් 2ද(Firefox 2) 2008දී ෆයර්ෆොක්ස් 3(Firefox 3) 2011දී ෆයර්ෆොක්ස් 4(Firefox 4)ද එලිදැක්විණි.ෆයර්ෆොක්ස් ඉන්ටනෙට් එක්ස්ප්ලෝර්ට වඩා වේගවත් වීම හා අරක්ෂාකාරී විම ෆයර්ෆොක්ස්වල ජනප්‍රියත්වයට හේතු විය..





මේ කාලයේදීම ගූගල් සමාගමද අලුත් අකාරයේ බ්‍රව්සරයක් ගැන කතා කරමින් තිබුණී .එහි ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ බෙහෙවින් ප්‍රචලිත ගූගල් ක්රොම් බ්‍රව්සරය එලිදැක්වුණි.ගූගල් ක්රොම් බ්‍රව්සරය වෙලදපලේ අන් සියලු බ්‍රව්සර් වලට වඩා වේගවත් හා අරක්ෂාව අතින් ඉහලින්ම ඇතිබවට පිලි ගැණුනි.එ අනුව වර්තමානයේ බ්‍රව්සර් යුද්ධය පවතින්නේ ඉන්ටනෙට් එක්ස්ප්ලෝර් හා ගූගල් ක්රොම් බ්‍රව්සර් අතර බව නොරහසකි.