.

.

Saturday, April 9, 2011

වේබ් බ්‍රව්සරය අතීතයේ සිට අද දක්වා පැමිණි ගමන් මග....(1)

මේ දවස් වල වේබ් බ්‍රව්සර‍් වල අලුත් හදුන්වාදීම් වැඩිපුර දකින්න ලැබුණු නිසා මට හිතුනා වේබ් බ්‍රව්සර‍යේ අතීත නතාව කොහොමද කියලා හොයලා බලන්න
වේබ් බ්‍රව්සර‍යේ අරම්භය 1990 දෙසැම්බර් මාසය වුවද ප්‍රථම ජනප්‍රිය බ්‍රව්සරය ඉදිරිපත් වූයේ 1993 අප්‍රේල් 22දාය.එය මොසැයික්(Mosaic) නමින් නම් විය.මෙහි නිර්මාපකයින් වන්නේ මාක් ඇන්ඩ්‍රීසන් හා එරික් බීනාය.මෙය ග්‍රැපික් භාවිත කල ප්‍රථම බ්‍රව්සරයද වේ.



මොසැයික් බ්‍රව්සරය ආශ්‍රිතව ස්ප්‍රයි මොසැයික්(Spry Mosaic) හා ස්පයිග්ලාස් මොසැයික්(Spyglass Mosaic) වැනි බ්‍රව්සර්ද බිහි විය.

ඉන්පසු ප්‍රබල බ්‍රව්සරයක් බිහිවන්නේ 1994 ඔක්තෝම්බර් 13 වැනිදාය.එය නමින් නෙට්ස්කේප් නැවිගේටරය(Netscape Navigator) වේ.මෙහි නිර්මාපකයා වන්නේද මාක් ඇන්ඩ්‍රීසන්මය ජනප්‍රියම බ්‍රව්සරය බවට පත් වීමට නෙට්ස්කේප් නැවිගේටරයට අපහසු වූයේ නැත



මේ කාලය වන විට මයික්‍රොසොෆ්ට් සමාගමත් වේබ් බ්‍රව්සර‍යක් තැනීමේ කාර්්‍යයට අතගසා තිබුණි.එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ටනෙට් එක්ස්ප්ලෝර් 1995 අගෝස්තු මාසයේදි එලිදකී.නෙට්ස්කේප් නැවිගේටරයට තරගයක් දීමට සමත් වූ එකම බ්‍රව්සර‍ය වන්නේද ඉන්ටනෙට් එක්ස්ප්ලෝර් වේබ් බ්‍රව්සර‍ය වේ.



ඉන්ටනෙට් එක්ස්ප්ලෝර් හා නෙට්ස්කේප් නැවිගේටරය අතර තරගයක් ඇතිවුනේ මෙලෙසයි.එකිනෙකා පරයමින් නැගිසිටිමට මෙම බ්‍රව්සර් 2ම නොයෙකුත් වෙනස්කම්/අත්හදාබැලීම් සිදුකරන ලදි.එහෙත් මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් 95 සමග ඉන්ටනෙට් එක්ස්ප්ලෝර් බ්‍රව්සරය නොමිලේ ලබාදීම තුලින් නෙට්ස්කේප් නැවිගේටරයට මරු පහරක් වැදුණි.වින්ඩෝස් 95 පාවිච්චි කල සියල්ලෝම ඉන්ටනෙට් එක්ස්ප්ලෝර් තම වේබ් බ්‍රව්සර‍ය ලෙස පාවිච්චි කිරීමට පටන් ගත්හ. Contd..