.

.

Tuesday, February 3, 2015

Cyber අපරාධකරුවන්ගෙන් බේරී සිටීම Part 1

අද නම් තාක්ෂණික දෙයක් ගැන කතා කරන්න අදහසක් නෑ.මොකද මේ දවස් වල වහින වෙලාවටවත් කොම්පියුටරයක් එක්ක වැඩක් කරන්න හිතෙන්නේ නෑ.දැන් එ් ෆීල්ඩ් එකෙන් ඈත් වෙලා යන්න කාලේ ඇවිල්ලා වගේ කියලා හිතෙනවා.ඒ හේතුව නිසාම අලුත් දේවල් ගැන ඉස්සර වගේ එ වෙලාවෙම අප්ඩේට් වෙන්නෙත් නෑ.මොක උනත් කමක් නෑ දිගටම බ්ලොග් එකේ ඉන්න ඔයාලා.වැදගත් දෙයක් මතක් උනොත් අවස්ථාවක් තිබ්බොත් අනිවා ඔයාලට කියනවා.

අද මම කතා කරන්න හිතුවේ අපේ කට්ටිය එ කිව්වේ අයියලා අක්කලා නංගිලා මල්ලිලා මේ සේරම කරන නරක වැඩක් ගැන.ඇත්තටම මේක මට හිතෙන විදියට නම් දැනගෙන කරන දෙයක් නෙමේ.හැබැයි මේ නොදැන කරන ද් නිසා ඔයාලා දන්නෙම නැතිව තමන්ගේ පුද්ගලිකත්වය පිට කෙනෙක්ට විකුණලා නෙමේ නොමිලේම දන්දීලා.

මම දැකලා තියෙනවා දුර ඉදන් කොළඹ ජොබ් වලට එන අය තව තමන්ගේම කියලා ලැප් එකක් හෝ ඩෙස්ක්ටොප් එකක් හෝ හරිහමන් මොබයිල් ෆෝන් එකක් නොමැති අය තමන් ඉගෙන ගන්න  අධ්‍යාපන ආයතනයේ හෝ වේවා රැකියාව කරන සේවා ස්ථානයේ හෝ තමන්ගේ නිවසට හෝ බෝඩීමට යාබද ඉන්ටනෙට් කැෆේ එකෙන් හෝ වේවා තමන්ගේ ඉන්ටනෙට් අවශ්‍යතාව සපුරගන්නවා.එක වැරදියි කියලා මම කියන්නේ නෑ.හැබැයි එකේදි ඔයාලා භාවිතයට ගන්නේ පුද්ගලික පරිගණකයක් නෙමේ කියන දේ මතක තියා ගන්න ඔනේ ඔයාලා.

පුද්ගලික රුචිකත්වය තමන්ගේ පුද්ගලික පරිගණකයේ මතකයේ රැදි තිබීම ලොකු අවධානමක් නොවුනට පුද්ගලික රුචිකත්වයන් පොදු පරිගණකයක මතකයේ තිබීම ගැන මොකද ඔයාලට හිතෙන්නේ.කෑ ගැස්සෙනවා නේද ඇත්තටම.ඔව් ලොකු අවධානමක් තියෙනවා.


අද වෙනකොට අන්තර්ජාලය ආශ්‍රිතව විවධ අපරාධකරුවන් බිහිවෙමින් පවතින තත්වයක් තමයි අප අවට නිර්මාණය වෙමින් පවතින්නේ.මොකද කියනවානම් පරිගණක හැකර් කරුවෙක් වීම හෝ පරිගණක ආශ්‍රිත නරක යැයි පිලිගනු ලබන දෙයක නිරත වීම වීරත්වයක් හෝ දක්ෂතාවයක් ලෙසින් යම් පිලිගැනීමක් ඇතැයි වර්තමාන තරුණ සහ ලමා පරපුරේ හිත් වලට යම් ආකාරයක කා වැදීමක් සිදුවෙලා තියෙනවා.ඇමරිකානු ක්‍රියාදාම චිත්‍රපටි හා සිහින සිතුවිලි තුලින් ගොඩනැගු වැඩසටහන් මේකට තදින් බලපාලා තියෙනවා කියලා මට නම් හිතෙන්නේ.හැබැයි මම මේ ලිපියෙන් සයිබර් අපරාධ සිදු කරන ආකාර ගැනනම් කියන්න යන්නේ නෑ . ඉදිරියේදි එක එකින් එක විස්තර කරන්නම්.

අද මම කතා කරන්නේ රටේ සිටින පුද්ගයන් ( සුපිරියැයි කියන ගණයට නොවැටෙන නමුත් අත පත ගා යමක් ඉගෙන ගත්) තමන්ගේම අහිංසක අසල් වැසියන්ට හෝ යහලුවන්ට හෝ වෙන යම් අයට වල කපන ආකාර ගැන.මේ වගේ ලිපි ගොඩාක් මම ලංකාදීප පත්තරෙත් යනවා දැක්කා.ඒත් එතෙන්දිත් පැහැදිලි උත්තර එ ප්‍රශ්ණවලට ලැබිලා නෑ.

පරිගණකය , මෙහෙයුම් පද්ධති හා අන්තර්ජාලය අද වෙනකොට ගොඩාක් දියුණ මට්ටමට ඇවිල්ලා තියෙන බව අපි හැමෝම දන්න දෙයක්.අපි හිතන්නේ මොකක්ද  ඒ දේ අපිට පේන මානයට ගෙන එන්න පුලුවන් තරමටම දියුණ වෙලා තියෙන යුගයක අපි ජිවත් වෙන්නේ.එක නිසා පලමුවෙන්ම අපි අපේ හිතින් අහගන්න ඔනේ වෙනවා මේ සා විශාල සාගරයක් වගේ දියුණු තාක්ෂණයක් සමගින් වැඩ කිරීමට අපිට හැකියාවක් තියෙනවද කියලා

මේ කතා අපි කොටස් කිහිපයකින් කථා කරමු

1) අන්තර්ජාල පරිහරණයේදි ආරක්ෂා කාරී වීම
        1) වෙබ් බ්‍රවුසර් සමග ආරක්ෂිතව ගණුදෙනු කිරීම
        2) වෙබ් සැරිසැරීමේදි ආරක්ෂිතව සැරිසැරීම

2) අන්තර්ජාලය තුලින් ගත් දත්ත පරිහරණයේදි ආරක්ෂාකාරී වීම
        1) ඩවුන්ලොඩ් කල මෘදුකාංග පරිගණකයේ ස්ථාපිත කිරීමේදි ආරක්ෂා කාරී වීම
        2) එසේ ස්ථාපිත කල මෘදුකාංග පරිහරණය කිරීමේදි දැක්විය යුතු සැලකිල්ල

3) අන් අය සමගින් අන්තර්ජාගය තුලින් ගණුදෙණු කිරීමේදි සැලකිලිමත් විය යුතු ආකාරය.
         * විශේෂයෙන්ම සමාජ ජාල හා ගණුදෙණු කිරීමේදී සැලකිලිමත් විය යුතු ආකාරය

මෙතැනදි මම මුලින්ම කියන්න බලාපොරොත්තු වෙන වැදගත්ම දේ තමයි අන්තර්ජාලය කියන්නේ මුවහත් තියුණු පිහියක් වගේ කියන එක.එ මොකද එ දේ හොඳින් භාවිතා කලොත් වැඩ ලේසි වනවා වගේම නරක විදියට භාවිතා කලොත් තමනුත් විනාශ වෙනවා කියන එක. 

https://www.dmsportfolio.com/