.

.

Wednesday, November 21, 2012

Android සාගරේ පොඩ්ඩක් කිමිදෙමුද

සැ‍හෙන දවසකින් මට බ්ලොග් එක පැත්තේ පය ගහන්න බැරිව ගියා. මන්ද යත් මා පට්ට පට ලෙස බිසී උන නිසා පහුගිය දවස් ටිකේ. කමක් නැ ඕන අදත් කොල්ලා වැනි වැනී ආවා රසවත් අඩව්වක් අල්ලන්න කියලා. මතෘකාව කට්ටියම දන්නවනේ දැනටම

ඇත්තටම මේක ගැන (Android) කලින් හිනීයට කතාවක් ගියා. මෙන්න මෙහෙම .එත් අදනම් ටිකක් ගැඹුරට පීනන්න තමා හිතාන ඉන්නේ. හැබැයි මුලින්ම කියන්න ඔනේ මේ ලිපිය නම් දවසින් 2න් සතියෙන් වගේ නම් මට ඉවර කරන්න බැරි ‍වෙයි .මන්ද යත් Android ගැන මම දන්න සියලු දේ මෙකේ ලියන්න මම හිතාන ඉන්න නිසා සහ කාලය පට්ටම සීමිත නිසාත්ය. පුලුවන් තරම් ඉක්මනට ලිපිය අවසන් කරන්න ට්‍රයි කොරන්නම් .එතකන් මෙතනට පොඩ්ඩක් ගිහින් කරක් ගහලා බලන්න සල්ලි ගන්නේ නෑ මෙයාලා




Android කියන දේ ගැන ආයේ අ යන්නේ ඉදන් කියලා දෙන්න ඕනේ නැනේ දැන් කාලේ හැදෙන කාටවත්. ඇත්තටම කියනවානම් මෙතෙක් කාලෙකට බිහිඋන සාර්ථකම නිදහස් මෙහෙයුම් පද්ධතියක් විදියට Android හදුන්වා දෙන්න පුලුවන්. ඇත්තටම මේක මොබයිල් මෙහෙයුම් පද්ධතියක් පමණක්ම නොව අවශ්‍යනම් පරිගණකයට උනත් අවුලක් නැතිව දාලා ගින්දර වගේ දුවන්න පුලුවන් මෙහෙයුම් පද්ධතියක්.අන්න එක නිසා මෙක හැම පැත්තෙන්ම සාර්ථකයි. මේක ගැන මට තියෙන එකම අවුල තමයි අයි ඕ එස් එක වගේ මුලින් ආව ඩිවයිස් වලටත් අන්තිම අප්ඩේට් එක ලබාගන්න පුලුවන් කම තියෙනවා වගේ  Android වල එහෙම පහසුකමක් ලබා නොදීම. Android වල අපිට අපේ ඩිවයිසස් අප්ඩේට් කරන්න පුලුවන් ලීගල් විදියට ඊ ලගට එන වර්ශන් එක (UPDATE) එක වෙනකන් විතරයි.එක නිසා අලුතෙන්ම එන ෆන්ෂන්ස් වලට අපේ ෆෝන් සපොට් නොකරන තැනට ආවාමනම් ගොඩාක් දුක හිතෙනවා.

Android .වල තාක්ෂණික කරුණු ගැන කතා කරමු එක නම් ගොඩක් රසවත් වෙයි කියලා හිතනවා.

Android කියන මෙහෙයුම් පද්ධතිය දුවන්න නැත්නම් රන් වෙන්න  සමාන්‍ය පරිගණකයක වගේම හාඩ් එකක් ( ෆෝන් මෙමරිය) රැම් කාඩ් පතක් ප්‍රොසෙසරයක් හා ග්‍රැෆික් සදහා සුදුසු උපාංග අවශ්‍ය වෙනවා. අතීතයේ ඉදන් වර්ධනය වෙමින් ඇවිල්ලා අද වෙනකොට ඩුවෙල් කෝර් කොවැඩ් කොර් නමිව් හදුන්වන සුපිරි ප්‍රොසෙසරයන් හැ 1GB 2GB වන රැම් පත් භාවිතා වන තරමටම අද තාක්ෂණය දියුණු වෙලා. වෙලාවකට පුදුමත් හිතෙනවා.
කමක් නෑ......!

ඔයාලා කැමති නේද දැනට තියෙන වර්ශන් එකේ ඉදලා ඉලගට තියෙන වර්ෂන් එකට යන්න එ කියන්නේ Ginger Bread ඉදන් Ice cream Sandwich වලට එ‍ෙහම නැත්නම් ICS ඉදන් Jelly Bean වලට

මේක වැදගත් 

අපි යම්  දුරකතනයක් මේ විදියට අප්ඩේට් කරනවා නම් අපි එක pc companion එක හරහා කලොත් එකෙන් කියවෙන්නේ අපිට අපේ Android දුරකතනයට official update ලැබුණා කියන එකයි official update වලින් වගකීමට ( warranty ) නීත්‍යානුකූලව හානියක් වෙන්නේ නෑ මන් දන්න පරිදි මොකද කියනවානම්  pc companion එකට official update එක එවන්නේ දුරකතනය නිපදවපු Company මගින් වන නිසා 


මගේ ආදරේ
මගේ ආදරේ කිව්වේ මේක තමයි මගේ ආදරණිය ඇන්ඩ්‍රොයිඩ් රාජයා මම දාන හැම ‍සෙල්ලමම දාන්නේ මේ අහිංසක අයිටම් එකෙන් තමයි.

හරි එහෙනම් අපි මුලින්ම වර්ශන් එක අප්ඩේට් කරමු. එක එක ඩයල් මේකට එක එක වචන කියනවා. එත් මම හිතනවා මම කියපු නම හැමෝටම තේරෙනවා ඇති කියලා.

මේකට ක්‍රම කිහිපයක්ම තියෙනවා. එත් මං නම් දකින සාර්ථකම හා ආරක්ෂාකාරීම ක්‍රමය තමයි pc companion එක හරහා ෆෝන් එක අප්ග්‍රේඩ් කිරීම. මොකද අපි එක pc companion එක හරහා කලොත් එකෙන් කියවෙන්නේ අපිට අපේ Android දුරකතනයට official update ලැබුණා කියන එකයි. official update වලින් වගකීමට ( warranty ) නීත්‍යානුකූලව හානියක් වෙන්නේ නෑ.

ඉට අමතරව flash tool කියන මෘදුකාංගය හරහාත් ඔන්නම් වර්ශන් එක අප්ඩේට් කරගන්න පුලුවන් මෙන්න මෙතනින්

වැඩේට බහිමු

ඔයාලගේ පිසී එකේ pc companion එක ඉන්ස්ටෝල් කරලා තියෙනවානම් ඔයාලා නෙට් එකට ලොග් වෙද්දි මේ වෙනකොට ඔයාලා පාවිච්චි කරන Android දුරකතනයට official update එකක් නිකුත් වෙලානම් එ update එක ඉබේටම ඩවුන්ලෝඩ් කරගන්නවා. එහෙම ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලා ෆෝන් එක පිසී එකට ප්ලග් කරපු ගමන් pc companion එක මතක් කරනවා පෙන්නනවා ඔයාලගේ ෆෝන් එකට official update එකක් නිකුත් වෙලා තියෙන්නේ ඔන්නම් ඉන්ස්ටෝල් කරගන්න කියලා. අපි අන්න එතන ඉදන් පටන් ගම්මු.

මට මේක පෙන්නන්න වෙන්නේ xperia pc companion එකකින් තමා


  • pc companion එක ඕපන් කර ගන්න ෆෝන් එක පිසී එකට ප්ලග් කරන්න දැන් පහතින් පෙන්වන පරිදි එ ලින්ක් එක ක්ලික් කරන්න



  • දැන් ඔයාලට පහතින් පෙනෙන අකාරයේ වින්ඩෝ එකක් ඕපන් වෙලා දිස් වෙවි තියෙවි

මේකේ විදියට අප්ඩේට් කියන බට්න් එක ක්ලික් කරන්න. එතකොට පහතින් පෙනෙන අකාරයේ වින්ඩෝ එකක් දිස්වෙවි..


මේකෙන් කියන්නේ පුතේ බඩු වැඩ කරන්න පටන් ගත්තා කියන එක. එකියන්නේ අප්ග්‍රේඩ් ප්‍රොසෙස් එක පටාාාන් ගත්තා කියන එකයි. කිසිම දේකට බය වෙන්න එපා. මේ රුපේ තියෙන්නේ Ice Cream Sandwich ඉදන් Jelly Beans වලට අප්ග්‍රේඩ් වෙන හැටි .Ginger Bread ඉදන් Ice cream sandwich වලට අප් වෙන්නෙත් මෙහෙම්මම තමයි.


ඔන්න දැන් ඉන්ටර්නෙට් එකෙන් පිසී එකට ‍සෝෆට්වෙයා එක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි දැන් ෆෝන් එකට ඉන්ස්ටෝල් වෙන්න පටාන් ගන්නවා කියලයි මේ වින්ඩෝ එකෙන් කියන්නේ.දැන් නම් පුතේ මරනවා කිව්වත් ෆෝන් එකනම් ගලවන්න එපා. ගලවලා සෝෆට්වෙයා එක ක්‍රෑෂ් උනා කියලා අඩන්නත් එපා හොදේ.....


              මේ ක්‍රියාවලියට ටිකක් වෙලා ගියා කියලා බය වෙන්න එපා ඔන්න. එක සමාන්‍ය දෙයක් මොකද මෙහෙයුම් පද්දතියම වෙනස් වෙන නිසා වෙලාවක් ගන්න එක සාධාරණයි.අන්තිමටම වැඩේ ගොඩ ගියාම පහත වින්ඩෝ එක ලැබෙයි. එකෙන් කියන්නේ බඩු පැකට් කියලා. හික්ස් නැ නෑ වැඩේ ගොඩ කියලයි එ එන්නේ. මේක දැක්ක ගමන් හොද හුස්මක් ගන්න දෙයියනේ කියලා.


ආයෙම රිස්ටාට් උනාම විනාඩි 2ක් විතර යයි කන්ෆිග් වෙන්න.ඉට පස්සේ බඩු යකා වගේ වැඩ.ඔයාලා Ginger Bread ඉදන් Ice cream sandwich වලට ආවානම් ලොකු වෙනසක් දක්නට ලැබෙයි ෆෝන් එකේ මොකද ග්‍රැෆිකල් ඉන්ටර්ෆේස් එක පටන් එකේ වෙනස් නිසා.අලුතින් functions ටිකක් add වෙලා ඇති ටිකක් එ අලුත් ටිකක් මම පහතින් දාන්නම් බලාගන්නත් එක්ක අලුත් functions ටිකක රූප ටිකක් දාන්නම්.

මෙන්න Desktop එක

මෙන්න system information 
මෙන්න protection

මෙන්න protection (Face Detection) 

මේවගේ තව ගොඩාක් අයිටම්ස් තියෙනවා අලුතින්.දාගෙනම බලන්න
මේකත් මතක තියා ගන්න අප් කරද්දි .තමන්ගේ ඩිවයිස් එකේ හැකියාව එකියන්නේ රුම් එක හා ප්‍රොසෙසරය මත එයට සුදුසු update එක තෝරා ගන්න සැලකිලිමත් වෙන්න. එකියන්නේ 2.2 Froyo වගේ තියෙන එකකට  Ice Cream Sandwich හරි Jelly Bean හරි දාන්න ගියෝත් නම් ඩිවයිස් එකට කෑ ගැස්සෙනවා සුවර්. අඩුම ගානේ 512MB & 1GHZ නැත්නම්  Ice Cream Sandwich වගේනම් හිතන්න යන්නවත් එපා. තේරුමක් නෑ මොකද ඩිවයිස් එක පට්ටම ස්ලොව් වෙනවා. අප් කරන්න පුලුවන් උනාට වැඩක් නැනේ වැඩක් කරගන්න බැරිනම්

Android කියන්නේ මේක විතරක් නෙමේ. තව තව දේවල් ගැන Android වල කතා කරන ලොකු ලොකුවචන ගැන ඉලග පාර පෝස්ට් එකෙන් අනිවා කතා කරමු. මේ ලිපිය කල් ඇදුණ එක ගැන පට්ට ලෙසට සමාව ඉල්ලනවා. ඇත්තටම ප්‍රශ්ණ ගොඩක හිටියේ.එකයි එහෙම උනේ තරහා නෑ නේද. එමහනම් අදට ගිහින් එන්නම් 




ප.ලි- මේක මම එකතු කරන්නේ 2014/02 මාසයේදි. මුල් ලිපිය යාවත්කාලින කිරීමක්.මේ වෙදිද් Android වල kitkat කියන අප්ඩේට් එකත් දැන් ලොකෙට නිකුත් වෙලා. kitkat වලින් ආව මුල්ම ෆෝන් එක විදියට නම්බු නාමය හිමිකරගත්තේ LG Nexus 5 කියන ෆෝන් එකයි.




හදවතින්ම ශ්‍රිලාංකික සිංහලයෙක් වෙන්න . බුදු සරණයි.......!


Wednesday, September 19, 2012

ZIP කරපු Files යලි open කරද්දි broken වුනාම මොකද කරන්නේ...?

ZIP කරපු Files යලි open කරද්දි"File broken" කියලා වැටුනම හිතට මාරම සනීපයක් දැනෙනවා නේද..


එ File අප්ලොඩ් කරපු මනුස්සයාගේ අම්මා අප්පාව මතක් කරකර හිනා වෙන්න හිතෙනවා නේද හයියෙන්. ඔන්න තවදුරටත් එහෙම නොවෙන්න සිස්ටම් එකක් කියලා දෙන්නම් ලොකුවට දගලන්න ඔනේ නෑ

යන්න එ ෆයිල් එකට.ගිහින් එ File එක ඔපන් කරගන්න.ඉට පස්සේ එ File එක ඇතුලේ right mouse click කරලා එන drop down menu එකෙන් repair archive කියන  command  එක select කරගන්න


ඉට පස්සේ එන  dialog box එකේ destination path එක සිලෙක්ට් කරලා OK  කරගන්න

ඔන්න වැඩේ අහවරයි.දැන් එ අලුතෙන් හදා ගත්ත  File එකට ගිහින් Extract File හරි Extract here කියන command 2න් එකක් select කරලා වැඩේ ගොඩ දා ගන්න.



ටටා බායි.ගිහින් එන්නම්

Sunday, September 16, 2012

අපිටම කියලා අපේම Torrent File එකක් හදමුද ( Part 2...

ඔන්න ගියපාර අපේ කොල්ලන්ට කියලා දුන්නනේ Torrent කියන්නේ මොකක්ද කියලා.මෙදා පාර කියලා දෙන්නම් Torrent එකක් හදා ගන්න හැටි සරලව.ඇත්තටම මේ දවස් වල සල්ලිත් නැ සනීපත් නැති සීන් එකක් තමයි තියෙන්නේ.එවා පැත්තකට දාලා අපි වැඩේට බහිමු


සුපුරුදු පරිදි අදත් මම මේකට යොදා ගන්නේ Bit Torrent කියන මෘදුකාංගය.එක තමයි මගේ Torrent මාරයා.සරලයි පුදුමයි.හරි දැන් කට්ටියම Bit Torrent එක ඕපන් කරගෙන file වල Create New Torrent කියන තැනට ගිහින් ක්ලික් කරන්න.


රයිට්.එක ක්ලික් කලාම එනවා නේද ඩයලොග් බොක්ස් එකක්.බයවෙන්න එපා .එකේ තියෙනවා ඔයාලා අප්ලෝඩ් කරන්න හිතාන ඉන්න file එක සිලෙක් කරගන්න ඕන වෙපන් ටික.පහල රූ සටහන බලන්න.

අංක 1. කියලා කියලා තියෙන්නේ  file එකක් ඇඩි කිරිම.අංක 2. කියන්නේ ෆයිල් එකක් සේව් කිරිම.මම දෙන්නම් ඔයාලට පට්ට tracker list එකක්.මෙන්න ගන්න

තව ටිකක් කියන්න තියෙනවා.එත් දැන්නම් නිදිමතයි.හෙට වැඩනේ ගිහින් එන්නම්.ඉතුරුවා හෙට හොදේ

Tuesday, August 28, 2012

අපිටම කියලා අපේම Torrent File එකක් හදමුද ( Part I )

කොල්ලට හිතුණා කාලයක් ඈත් වෙලා තිබ්බ කොල්ලගේ ලොකුම විනොදාංශේ උන බ්ලොග් එකට ආයේම පණ පොවන්න.එක නිසා තමා ලග ලග ආර්ට්කල් ගොඩාක් ඉඩ ලැබෙන විදියට දැම්මේ.කොයි හැටි වෙතත් අද නම් මන් හිතුවේ පට්ට පට පට මාතෘකාවක් ගැන කතා කරන්න.මතෘකාව තමයි අපිටම කියලා අපේම Torrent File එකක් හැදීම.

ඔයාලා හැමෝම  Torrent ගැන පොඩ්ඩක් හරි දන්නවනේ.ජිවිතේ එක පාරක් හරි  Torrent ඩවුන්ලොඩ් එකක් කරලා හරි අඩුම ගානේ ඩවුන්ලොඩ් කරනවා දැකලා හරි ඇතිනේ.ඇත්තටම අද කාලේ ලොකු ලොකු දේවල් ඩවුන්ලොඩ් කරනවානම් ඉතින් අපිට සහ මේ ලෝකේ තියෙන ලේසිම ක්‍රමේනේ Torrent Downloading කියන්නේ.

මේ කතා බහේදීම මම හිතාන ඉන්නවා Torrent කියන්නේ මොකද්ද කියලත් ඔයාලට හොද පැහැදිලි අවබෝධයක් ලබා දෙන්න.මොකද ගොඩාක් අය ගිරව් වගේ මේක කියෙව්වට ඇත්තටම මෙතන වෙන්නේ මොකද්ද කියලා හරියට දන්නෙත් නෑ.හොයලා බලන්න උත්සහ කරලත් නැතිව ඇති


හරි.දැන් අපි කතා කරමු Torrent ගැන.ඉහතින් දක්වලා තියෙන්නේ සුප්‍රසිද්ධ Torrent Clients ලා ටික දෙනෙක්ගේ ලොගෝ ටිකක්

මොකක්ද මේ Torrent කියන්නේ


අපි ලග යම් දෙයක් (විඩීයෝවක් හෝ ඔඩීයෝ එකක්/ ෆිල්ම එකක්/ මෘදුකාංගයක් ) තියෙනවා කියලා හිතමු.අපිට ඔනේ මේක අපේ යාලුවෙක් එක්ක බෙදා ගන්න.එත් එ යාලුවා අපි ලග නෙමේ ඉන්නේ එක නිසා ගිහින් දෙන්නත් බෑ.අපේ රටේ නෙට් ස්ලොව් (slow) නිසා කොහෙට හරි අප්ලොඩ් කරන්න ගියොත් එක complete වෙන කොට අපි නාකි වෙලා ඉදිවි.දැන් මොකද කරන්නේ

ඔන්න දැන් තමා Torrent තියරිය ඇප්ලයි වෙන්නේ

අපි කරන්නනේ මුලින්ම අපි ලග තියෙන අපිට අප්ලොඩ් කරන්න ඔන ෆයිල් එක වෙනුවෙන් එකටම විශේෂ වු ටොරන්ට් ෆයිල් එකක් හදා ගන්නවා.මේකට තමා Torrent එකක් කියන්නේ.මේක අපිට සරල මෘදුකාංලයක් ආධාරයෙන් හදා ගන්න පුලුවන්.මේක බොහෝම පුංචියි.ෆයිල් සයිස් එක කිලෝ බයිට් ගාණයි.මේකේ අඩංගු වෙන්නේ අපි අප්ලොඩ් කරන ෆයිල් එකේ නම/ එ ෆයිල් එකේ විශාලත්වය /  ඩවුන්ලොඩ් කරන්න ඔන වෙබ් සයිට් එක වගේ දේවල් ටිකක්.

ඔන්න දැන් මෙහෙම ෆයිල් එකක් හදා ගත්තම මූලික කොටස අහවරයි.දැන් අපි ලග ටොරන්ට් එක තියෙනවනේ.මේ Torrent File එක අපිට බෙදා හරින්න ඕනේ වෙනවා ඉ ලගට.එ මොකද අපි ලග Torrent File එක බෙදා හැරීමට අවශ්‍ය පහසුකම් නැති නිසා.ඔන්න දැන් තවත් අලුත් වචනයක් අපේ ශබ්ද කෝෂෙට එනවා.එ තමයි Tracker කියන වචනේ.හරියටම කිව්වොත් Torrent Tracker.Torrent Tracker එකක් කියලා අදහස් වෙන්නේ  Torrent File  Upload කරන්නන් හා Download කරන්නන් කලමනාකරනය කිරීම.එහෙම නැතිනම් මේ දෙගොල්ලෝ එකිනෙකාට මුණගස්වලා Download එක complete වෙනකම් මේ දෙගොල්ලෝ අතර සම්බන්ධතාවය පවත්වගෙන කට්ටිය තමා Trackers ලා වෙන්නේ. මේ විදියට Trackers ලා වශයෙන් සේවය සලසන වෙබ් අඩවි බුරුතු පිටින් මේ අපේ අන්තර් ජංජාලේ පුරා තියෙනවා (නොමිලේ සේවා සපයන). 


ඔන්න මම දැම්මා මම Download කරපු ෆිල්ම් එකක Trackers ලිස්ට් එකක්.ඔයාලා Torrent File එකක් Download කරනකොට ඔන්න ඔහොමයි Trackersලා එයාලගේ ජොබ් එක කරන්නේ.

මේ අතරම  Torrent File   Download කරන්න පුලුවන්  මෘදුකාංග ගැනත් කියන්න ඔනේ .මේවා හදලා තියෙන්නෙම   Torrent File Download මයි.මේවා බොහෝම සරල මෘදුකාංග ගණයට වැටෙන්නේ.ඕන කෙනෙකුට මෙකේ ක්‍රියා පිලිවෙත පහසුවෙන් තේරුම් ගන්න පුලුවන්.මම කියන්නම් සුපුසිද්ධ  Torrent Download Manager මෘදුකාංග ටිකක් ඔයාලට දැන ගන්නත් එක්ක (ලින්ක් එකත් මේ ගමන්ම දෙන්නම් Download ඔන්නම්)

1. Bittorrent Downloader මේක තමයි මමත් පාවිච්චි කරන්නේ.සුපිරි භාණඩයක්
2. Utorrent Downloader


හරි දැන් මම කියන්නම් මේක ක්‍රීයාත්මක වෙන විදිය කෙටියෙන්

කව්රුහරි එක්කෙනෙක්(A) තමන් ලග තියෙන විඩීයෝවක් වෙනුවෙන් තමන් හැදුව Torrent File එක Tracker සයිට් එකකට අප්ලොඩ් කරනවා.තව කෙනෙක්(B) මේ  Torrent File එක එ සයිට් එකෙන් අරගෙන Torrent Download Manager මෘදුකාංගයක් හරහා එම Torrent Download Manager මෘදුකාංගයට මේ Torrent File එක ලබා දිලා කලින් කිව්ව විඩීයෝ ෆයිල් එක Download කරන්න පටන් ගන්නවා.හැබැයි මේ  විඩීයෝ ෆයිල් එක බෙදා හරින කෙනා(A) දිගටම මෙක  Upload කරනවා එයාගේ  Torrent Download Manager හරහා.මේ කියන Upload කරන ක්‍රියාවලිය Torrent භාෂාවෙන් හදුන්වන්නේ Seed (සීඩ්) කරනවා කියලා.එතකොට මේක බෙදා හරින්න මුල් උන පුද්ගලයා හදුන්වන්නේ  Seeder(සීඩර්) කියලා.මෙයාට සිද්ධ වෙනවා අනෙක් කෙනා(B) Download කරලා ඉවර වෙනකම් දිගින් දිගටම සීඩ් කරන්න.නැත්නම් Download එක අතරමග නවතිනවා Active Seeds නෑ කියලා.දැන් අපි හිතමු Download කර කර හිටිය කෙනා (B) Download කරලා ඉවර උනා කියලා.ඔන්න එක Download කරලා ඉවර උන ගමන් Torrent Download Manager මෘදුකාංගය කාටත් හොරෙන් ඉබේටම මේක  Upload කරන්න (Seed කරන්න ) පටන් ගන්නවා.දැන් එතකොට (A) (B) කියන දෙන්නම කටයුතු කරන්නේ  Seeder(සීඩර්)ලා  විදියට.දැන් මේ  Torrent එකට Seeder(සීඩර්)ලා 2යි.ඔය විදියට මේක 100ක් Download කලොත් එයාලා Download කරලා ඉවර උන ගමන් එයාලගේ මැෂින් වලින්  Seed (සීඩ්) කරන්න පටන් ගන්නවා.ඔන්න දැන්  Seeder(සීඩර්)ලා 102යි. ඔන්න ඕකයි ස්ටෝරිය


හරි.දැන් එලමකිරියට තේරුණා නේද.ගොඩ ගොඩ.ඉහතින් සදහන් කල දේවල් වලට අමතරව තව පුංචි පුංචි දේවල් ටිකක් තියෙනවා Torrent Download කරද්දි දැන ගෙන සිටිය යුතු.ඔන්න එවත් මම මට මතක් වෙන විදියට කියාගෙන යන්නම්

1. ඔයාලා සයිට් එකකින් යම් Torrent එකක් Download කරනවානම් අනිවාර්ය්‍යන්ම එ Torrent එකේ health එක ගැන විමසිලිමත් වෙන්න.හැමතිස්සෙම healthy Torrent එකක්ම Download කරන්න උත්සහ කරන්න.Torrent එකක්  healthy වෙන්නේ එකේ තියෙන සීඩ් ප්‍රමාණය අනුව.Seeder(සීඩර්)ලා ගොඩක් එ Torrent එකට ඉන්නවානම් එක අනිවා  healthy Torrent එකක්.පහත දක්වා ඇති රූපසටහන බලලා එකෙන් හොද අදහසක් healthy Torrent එකක් ගැන.මම මේ රූපසටහනේ Torrent සයිට් දෙකකින් ගත්ත Torrent 2ක health එක පෙන්නලා තියෙනවා

2.ඔයාලාට ඔයාලා Download කරන Torrent එක ඉක්මනට Download කරගන්න ඔනද.එකට මෙනන මේ පියවර ටික අනුගමනය කරන්න.මම මේක පෙන්වන්නේ Bittorrent Downloader උපයෝගී කරගෙන.මොකද මම පාවිචිචි කරන්නේ Bittorrent Downloader නිසා.
Torrent Download කරද්දි Data  ගොඩාක්  upload /download වෙනවා කියලා ඔයාලා දන්නවනේ.ඔයාලාගේ මුලික පරමාර්ථෙ Download කීරිමනේ.එක නිසා Download එකට මුල්තැන දෙන්න.හැබැයි  upload කරන එක නවත්තලාම දාන්න එපා.එක ඔයාලගේ සමාජ වගකීමක්.ඔයාලා හැම තිස්සෙම මතක තියා ගන්න ඔයාලා  Torrent Download කරන්නේ තව කෙනෙක් ඔයාලා වෙනුවෙන් Seed කරන නිසා කියලා.ඔයාලත් තව කෙනෙක් වෙනුවෙන් Seed කරන්නම ඕනේ තමන්  Download කරන විට හා කලාට පස්සේ



මේ ලිපියට මෙතැනින් තිත තියමු.ආයේ ඉලග පාර Torrent එකක් හදන පාඩම කියලා දෙන්නම්.දැනට ඇට්ටි හැලෙනකම් Torrent බාන්නකෝ.

Monday, August 27, 2012

ලොවෙත් නැති වෙන්න IDM 6.12 Final build

ඔන්න අදත් කොල්ලා ආවා ගින්දර බඩු කෑල්ලක් එක්ක.ගින්දර කියන්නේ ඉතින් එලම තමයි.නෙට් එකෙන් අයිටම්ස් බාන අයියලා මල්ලීලාට  IDM කිව්වම ඉතින් ආයේ අලුතෙන් කියන්න දෙයක් නෑනේ.ලයිසන්  IDM දෙනවානම් මොනවද කරන්න බැරි නේද කොල්ලනේ.. ඔන්න ගෙනාවා.දැන් දෙන්නම්.මදි නොකියන්න.ආයේ හම්බකරන්න බලාන ස්ලොව් සයිට් වල ලින්ක් නම් ලොවෙත් මන් නම් දෙන්නේ නෑ.ඒක හින්දා මීඩියා ෆයර් එකෙන්ම දෙන්නම්කෝ කට්ටියට සිත්සේ බාගන්න.

 මෙන්න මේවාත් අලුතෙන් ඇඩ් කරලා සහ තිබුණ ගොඩාක් බග්ස් ඉවත් කරලා කියලා තමා  IDM සෙට් එක කියන්නේනම්.පාවිච්චි කරලම ගුණ දොස් කියන්නකෝ...!


 # Added support for Firefox 16 

# Added a feature to set file creation date as provided by the server (IDM Options->Save To)
#Fixed an erroneous interception of attendant content of web pages in Chrome

#Added the possibility to translate text for IDM installer and IDM uninstaller

#Redeveloped file integrity verification during resume.

#Improved resume capability after power outages.

# Redeveloped IDM integration into IE.

#Optimized IE integration module and improved its speed performance.

# Added support of IDM download panel to Google Frame installed into IE.

#Improved integration into IE based browsers like AOL, MSN, etc..

#Added support for SeaMonkey 2.10.

#Added support for new version of Adobe Flash Player

#Improved support of several web players.

#Made a workaround for bugs in a new Outpost firewall.





මේ වැල් බයිලා මොකටද නේද.මෙන්න ලින්ක් එක

Wednesday, August 15, 2012

ඇබ්බැහි වීම හා අනාගතය

හැමදාම පරිඝණක ගැන ලිපි ලියන මේකට මොකද උනේ කියලා ඔයාලා හිතනවා ඇති නේද.ඇත්ත  තමා.එත් කාලයත් සිමීත උනත් මේ දේ ගැනත් ඔයාලා ඇනුවත් කරන එක වටිනවා කියලා හිතුනා.ඇබ්බැහි වීම කිව්වම සිගරට් ,අරක්කු, ගංජා(මල්) ,කුඩු(හෙරොයින්) වගේ දේවල් ගැනනේ ඔයාලට එකපාරටම මතකෙට එන්නේ නේද...? එත් මන් අද කතා කරන්න හැදුවේ එ ගැන නෙමේ..

මම මේ මතෘකාව කතා කරන්න හේතු උනේ අද උදේ බස් එකේ වෙච්ච දෙයක් නිසා.මම වැඩට යන්නේ බස් එකේ.ඔන්න අද මම ගිය බස් එක දෙහිවල හරියට ලං උනාම බස් එකට නැංගා බාගේට ක්‍රොස් කල්චරල් එකේ හුලං වැදිච්ච අක්කා කෙනෙක්.මේ අක්ක එක අතකින් ඔෆිස් බෑග් එක අරන් අනික් අතින් මොබයිල් එකයි එම් පි ෆෝ ප්ලෙයර් එකයි දෙකම අල්ලගෙන.ඔන්න දැන් මේ අක්කා බස් එකේ ටික දුරක් ආවා.හැබැයි හිටගෙන.මෙයාගේ වැඩෙම තප්පරෙන් තප්පරේ සිංදු මාරු කරන එක.ඩ්‍රයිවර් මාමා ගැහුවා දේවදාර බ්රෙක් පාරක්.මේ අක්කා පියැඹුවා උඩින්.ආයි නැගිට්ටා.ඇග පත ගැසුවා.සිංදුවක් මාරු කලා.අනේ අවාසනාවක් මහත මේ යොදයා ආයෙම ගහපි බ්රෙක් පාරක්.ජයග්‍රාහි දෙවන පාරටත් මේ අහිංසක අක්කා පියැඹුවා.එ මොක උනත් මේ අක්කා සැලුනේ නෑ.නැගිටලා ආයෙම ඉයර් ෆෝන් එක තද කරගෙන සිංදුවක් මාරු කලා.එයාට මේ ලෝකේ කිසි දෙයක් ගැන වගක් නෑ.මිනිස්සු ඔක්කෝම මේ අක්කාගේ මූණේ පෙරහරවල් බලනවා‍.......6699999...0 .....මට තේරුණ විදියට ඇත්තටම මේකත් එක්තරා විදියක ඇබ්බැහි වීමක්.මේ දේ වෙන්නේ අපිට නොතේරි.

ඇත්තටම අද අපි පාරක ඇවිදගෙන ගියොත් එහෙමත් නැත්තන් බස් එකක ගියොත් අපිට මේ විදියට කනේ වයර් පටල ගත්ත අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඕන තරම් දකින්න පුලුවන්.ඇත්තටම අද මේක trend එකක් fashion එකක් වෙලා.ඇත්තටම දැන් යුද්ධෙත් ඉවර නිසා බෝම්බ බයකුත් නැනේ.එක නිසා දැන් කට්ටියටම නිදහසේ මනෝ පාරක ඉන්න බාධාවකුත් නැනේ.කොයි හැටි වෙතත් මේකේ හොද සහ නරක කියන දෙපැත්තම තියෙනවා.
අපි අපි පාවිච්චි කරන ෆෝන් මියුසික් ප්ලෙයර්ස් වගේ දෙවල් ලංකාවට තොග පිටින් එන්නේ චීනෙන් බව අපි කව්රුත් හොදටම දන්නවනේ.එ වගේ චීන බඩු වල කොලිටිය ගැනත් කට්ටියට අලුතෙන් කියන්න ඕනේ නෑනේ.නිකමට හිතන්න නියමිත ප්‍රමිතියකට නැති මේ ප්ලෙයර්ස් වලින් අපි ෆුල් වොලියුම් දාගෙන සිංදු අහද්දි අපේ කනට කොච්චර ආතල් එකක් දැනිලා ඇද්ද...? මන් හිතන විදියට මේවායේ ප්‍රමිතිය ගැන කව්රුවත් විමසිලිමත් වෙන්නේ නෑ.මිල ගැන පමණයි හැමෝම බලන්නේ.

මේ පහතින් තියෙන්නේ කනත ව්‍යුහය.


කනක් හැදිලා තියෙන්නේ බොහොම සියුම් පටක වලින් කියන දේ ඔය හැමෝම දන්නවනේ.ඉතින් එතම් සියුම් ඉන්ද්‍රියකට ඔයාලා දෙන දස වද දරාගන්න පුලුවන් වෙයි කියලා ඔයාලා හිතනවද..?

මේ පහතින් තියෙන්නේ අපි හෙණ ගහන සද්දෙන් කන පැලෙන්න අහන සිංදු වර්ග category කලොත් එවායේ ශ්‍රව්‍ය සංඛ්‍යාත පරාසය විහිදෙන අකාරය..






දවසකට පැය දෙකක් හෝ තුනක් ගානේ  අවුරුදු 5ක් විතර අපි මේ ව්‍යායාමේ දිගටම කරගෙන ගියෝත් අපිට කනක් ඉතුරු වෙයිද කොල්ලනේ කෙල්ලනේ....?

මේක ගැන දිගට කතා කරමු .අදට ඇති වගේ.මහන්සියි




Sunday, July 29, 2012

GMail account එකක් කොහොමද setup කරනනේ

සෑහෙන දවසකින් බ්ලොග් එක පැත්තේ ආවේ.දැන් පට්ට පට පට බිසී වෙලා අප්පා කොල්ලා.මොනා කරන්නද ඉතින් දුක තමා.මේ පගදි දවසක් මගෙන් යාලුවෙක් ඇහුවා කොහොමද මචං ඇන්ඩ්‍රෝයිඩ් ෆෝන් එකක GMail එක setup කරන්නේ කියලා.මන් එවෙලේ එයාට කියලා දුන්න.එත් මන් එවෙලේ හිතා ගත්තා අපේ යාලුවෝ ගොඩකට මේදේ වැදගත් වෙන නිසා බ්ලොග් එකේ මේක දැම්මොත් හොදයි කියලා.Google Play එකෙන් Download කරන්නත් GMail account එක setup කරලා තියෙන්න ඔනේනේ.

මුලින්ම Email Address එකයි Password එකයි ටයිප් කර ගන්න. manual set up කියන option එක select කර ගන්න.

Incoming mail server එකට IMAP කියන එක තෝරගන්න (imap.gmail.com)
Port එක විදියට 993 තෝරගන්න
security type එක විදියට SSL (Accept all certificates)තෝරගන්න.

දැන් Outgoing mail server Outgoing mail server එකට IMAP කියන එක තෝරගන්න (stmp.gmail.com)
Port එක විදියට 465 තෝරගන්න
security type එක විදියට SSL (Accept all certificates)තෝරගන්න.



දැන් වැඩේ finish කරන්න
ඔන්න ඔයාලා GMail account එක setup කරගත්තා

ජයවේවා.


Sunday, February 12, 2012

ලොවම හොල්ලන ඇනෝනිමස්ලා ( Anonymous)



ඔන්න ඉතින් කොල්ලා අදත් ආවා බ්ලොග් එක පැත්තේ.අද නම් ආවේ තාක්ෂනික ලිපියක් ලියන්න නෙමේ...ඉටත් වඩා ටිකක් වැදගත් මේ දවස් වල ගොඩක් කතාබහට ලක්වෙන කට්ටියක් ගැන කොල්ලා දන්න දේවල් ටිකක් ඔයාලට කියලා දෙන්න තමයි ඔන්න අද ලැස්ති වෙන්නේ.අද අපි කතාකරන්නේ ඇනෝනිමස්ලා(Anonymous) ගැන

ඇත්තටම කවුද මේ ඇනෝනිමස්ලා කියන්නේ...? මේ ලොකේ කට්ටියක්ද ..?නැත්නම් පිටසක්වල සෙට් එකක්ද...?සත්තු වගයක්ද.? නෑ නෑ ඇනෝනිමස්ලා කියන්නේ අපි වගේම මිනිස්සු කණ්ඩායමක්(සංවිධානයක්)අද ලොකේ ක්‍රියාත්මක වෙන දරුණුම හැකර් ටීම් එකක් තමයි මේ ඇනෝනිමස් කියන්නේ.උඩ රූපේ තියෙන්නේ එයාලගේ ලොගෝ එක
අපි දැන් බලමු මෙයාලා ගැන සහා මෙයාලගේ වැඩ කිඩ ගැන ටිකක්

ඇත්තටම මේ කියන ඇනෝනිමස්ලගේ ආරම්භය සනිටුහන් වෙන්නේ 2003 වසරේදී විතර තමයි.මොවුන් කණ්ඩායමක් විදියට එකතුවෙලා තමයි තමන්ගේ ප්‍රහාර දියත් කරන්නේ.මෙයාලගේ මුල්ම සයිබර් ප්‍රහාරය වාර්තා වෙන්නේ 2006දී විතර තමයි
මේ තියෙන්නේ මෙයාලගේ වෙබ් අඩවිය
http://site.anonplusradio.com/
මේ තියෙන්නේ තේමා පාඨය
We are Anonymous.
We are Legion.
We do not Forgive.
We do not Forget.
Expect Us.

ඇත්තටම කියනවානම් බොහෝ අවස්තාවලදි ඇනෝනිමස්ලගේ ක්‍රියාකාරකම් නිසා ලොකයට බෙහෙවින් පාඩු සිදුවුනත් ඇතැම් අවස්ථා වලදී අසාධාරණය වෙනුවෙන් නැගි සිටී අවස්ථාත් දැකගත හැකියි

මෙම ලිපිය සැකෙසෙමින් පවති

Sunday, January 29, 2012

Software දන්සැල

සැහෙන කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්නත් බැරි උනා.කොල්ලා බිසි වෙලා නේ.ඔන්න අමාරුවෙන් වෙලාවක් හොයාගෙන කොල්ලා ආවා.
අද දෙන්නම් දන්සැලක්.හැබැයි මේක දන්සැලක් කිව්වට සුපිරි විදියේ Software දන්සැලක් හොදේ.මේවා දාලා මාව බැන් වෙයිද දන්නෙත් නෑ .කමක් නෑ ඔයාලත් ප්‍රයෝජනයක් ගන්නකෝ බලන්න.

ඔන්න වැඩේ පටන් ගත්තා.......

මුලින්ම දෙන්නම් පට්ට වයිරස් ගාඩ් ටිකක්.
1.AVG Anti-Virus Pro 2012 12.0 Build 1809a4504 (x86) | 152.96
ලින්ක් එක
http://www.mediafire.com/?t000mcrfy0mtt2j

2.IObit Malware Fighter PRO 1.2.0.9 Final

ලින්ක් එක
http://www.mediafire.com/?cnccovg8lv853bo

3.ESET NOD32 Antivirus 5.0.93.0 Final + Key

ලින්ක් එක
http://www.mediafire.com/?tn2p4qkrgklknqc

4.Avira Premium Security Suite v10.0.0.134 Final

ලින්ක් එක
http://www.mediafire.com/?l2li3snav01ea54

*.කාලයක් ලොකේට අයියා වගේ හිටපු සුපිරි හාණ්ඩයක් තමා නොර්ටන්(Norton) කියන්නේ.තාමත් ඉතින් එලම තමා
Norton Internet Security 2012 19.1.1.3 Final (EN

ලින්ක් එක
http://www.mediafire.com/?z3odp77k5q5ij68




දැන් වයිරස් ගාඩ් ඇති නේද
දැන් දෙන්නද PC එකේ performance වැඩි කරන පට්ට software ටිකක්

5.මෙන්න පට්ට භාන්ඩයක් මේක ට්‍රයි කරලා බලන්න පිසි එක මුලින්ම පෝර්මැට් කරපු දවසේ තිබ්බ ස්පීඩ් එකම ඔයාට ගෙනත් දෙනවා මෙයා
Ashampoo WinOptimizer 8.13

ලින්ක් එක
http://www.mediafire.com/?49a930lkw5aeh35

6.මේකත් පට්ට පට පට
TuneUp Utilities 2011 10.0.4410.11

ලින්ක් එක
http://www.mediafire.com/?2yxtt7k5q4kqt5j

දැන් මම දෙන්න යන්නේ සුපිරි ප්ලේයර් ටිකක්. ඩිවීඩී සහ ඕල්රවුන්ඩ් ප්ලේයර් ටිකක්.සුපිරි බඩු විතරයි හොදේ...

7.Splash PRO HD Player 1.11.0.0

ලින්ක් එක
http://www.mediafire.com/?4f2yka3gojpcxvd

8.CyberLink.PowerDVD 11

ලින්ක් එක
http://www.mediafire.com/?ew5gxk7scj76a5t

9.WinDVD Pro Player

ලින්ක් එක
http://www.mediafire.com/?xcdmyzttjjz

10.ඕන දෙයක් ප්ලේ වෙන ගින්දර වගේ එලමකිරි ප්ලේයර් එකේ(මොකක්ද මේ) KMPlayer එකේ 3.1.0.0 කියන අලුත්ම අලුත් එඩිෂන් එක මෙන්න මේකත් පට්ට පට පට
KMPlayer 3.1.0.0

ලින්ක් එක
http://www.free-codecs.com/kmplayer_download.htm




ඔයාලගේ ෆේස්බුක් ට්විටර් එකවුන්ට් කවුරුහරි හැක් කලාද.? ඔයාලත් නොදැනුවත්වම කිලොගර් එකකට යටත් වෙලාද.? මෙන්න එකට සුපිරි විසදුම....
ලෝකයේ අංක එකේ කීලෝග් ආරක්ෂාව
11.Zemana AntiLogger 1.9.2.523

ලින්ක් එක
http://www.mediafire.com/?5oc7fp9760p7889


කවුරුහරි ඔයාලගේ පුද්ගලික ඩේටා බලනවට ඔයාලා කැමති නෑ නේද..? අම්බානෙක කෙන්ති එනවනේ එතකොට.දෙන්නද එකටත් විසදුමක්..?
මෙන්න ගින්දර භාණ්ඩයක්

12.Folder Lock 7.0.0

ලින්ක් එක
http://www.mediafire.com/error.php?errno=378

මේ පෘතුවි තලේ ඇඩෝබි ෆෝටෝෂොප් කිව්වම ඉතින් කවුද නොදන්නේ.කපන්න ,කොටන්න,බද්ධ කරන්න,මවන්න,මකන්න ,විනාශ කරන්න මේ එකි නොකී මෙකි සැම දේටම ගන්න ඇඩෝබි ෆෝටෝෂොප්(Photoshop) CS වර්ෂන් එක දෙන්නම් ඉහත කී ඕනෑම දෙයක් කරගන්න.මිට අලුත් එවා අවට මේක තමා එලම වර්ෂන් එක.වැඩ කරලම බලන්නකෝ. ඕනෙනම් ෆෝටෝ එඩිට් කරන විදියත් පස්සේ කියලා දෙන්නම්කෝ....(ආ කියන්න අමතක උනා.මේක කෙනෙක්ගේ ඉල්ලීමකට තමා දැම්මේ.නැත්නම් එයා තරහා උනොත් කිව්වේවත් නෑ කියලා )..

13.Photoshop CS2


ලින්ක් එක
http://adobe-photoshop.brothersoft.com/adobe-photoshopcs2

මෙන්න crack එකේ ලින්ක් එක
http://www.mediafire.com/?ljyq13q2769fr8r

trail version එක download කරගෙන එක install කරලා phone mode සිලෙක්ට් කරලා crack එකේ තියෙන key එක activate වින්ඩෝ එකේ පේස්ට් කරලා activate කරගන්න.ජය වේවා

ඉතුරුවා හෙට දෙන්නම් හොදේ