.

.

Wednesday, August 15, 2012

ඇබ්බැහි වීම හා අනාගතය

හැමදාම පරිඝණක ගැන ලිපි ලියන මේකට මොකද උනේ කියලා ඔයාලා හිතනවා ඇති නේද.ඇත්ත  තමා.එත් කාලයත් සිමීත උනත් මේ දේ ගැනත් ඔයාලා ඇනුවත් කරන එක වටිනවා කියලා හිතුනා.ඇබ්බැහි වීම කිව්වම සිගරට් ,අරක්කු, ගංජා(මල්) ,කුඩු(හෙරොයින්) වගේ දේවල් ගැනනේ ඔයාලට එකපාරටම මතකෙට එන්නේ නේද...? එත් මන් අද කතා කරන්න හැදුවේ එ ගැන නෙමේ..

මම මේ මතෘකාව කතා කරන්න හේතු උනේ අද උදේ බස් එකේ වෙච්ච දෙයක් නිසා.මම වැඩට යන්නේ බස් එකේ.ඔන්න අද මම ගිය බස් එක දෙහිවල හරියට ලං උනාම බස් එකට නැංගා බාගේට ක්‍රොස් කල්චරල් එකේ හුලං වැදිච්ච අක්කා කෙනෙක්.මේ අක්ක එක අතකින් ඔෆිස් බෑග් එක අරන් අනික් අතින් මොබයිල් එකයි එම් පි ෆෝ ප්ලෙයර් එකයි දෙකම අල්ලගෙන.ඔන්න දැන් මේ අක්කා බස් එකේ ටික දුරක් ආවා.හැබැයි හිටගෙන.මෙයාගේ වැඩෙම තප්පරෙන් තප්පරේ සිංදු මාරු කරන එක.ඩ්‍රයිවර් මාමා ගැහුවා දේවදාර බ්රෙක් පාරක්.මේ අක්කා පියැඹුවා උඩින්.ආයි නැගිට්ටා.ඇග පත ගැසුවා.සිංදුවක් මාරු කලා.අනේ අවාසනාවක් මහත මේ යොදයා ආයෙම ගහපි බ්රෙක් පාරක්.ජයග්‍රාහි දෙවන පාරටත් මේ අහිංසක අක්කා පියැඹුවා.එ මොක උනත් මේ අක්කා සැලුනේ නෑ.නැගිටලා ආයෙම ඉයර් ෆෝන් එක තද කරගෙන සිංදුවක් මාරු කලා.එයාට මේ ලෝකේ කිසි දෙයක් ගැන වගක් නෑ.මිනිස්සු ඔක්කෝම මේ අක්කාගේ මූණේ පෙරහරවල් බලනවා‍.......6699999...0 .....මට තේරුණ විදියට ඇත්තටම මේකත් එක්තරා විදියක ඇබ්බැහි වීමක්.මේ දේ වෙන්නේ අපිට නොතේරි.

ඇත්තටම අද අපි පාරක ඇවිදගෙන ගියොත් එහෙමත් නැත්තන් බස් එකක ගියොත් අපිට මේ විදියට කනේ වයර් පටල ගත්ත අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඕන තරම් දකින්න පුලුවන්.ඇත්තටම අද මේක trend එකක් fashion එකක් වෙලා.ඇත්තටම දැන් යුද්ධෙත් ඉවර නිසා බෝම්බ බයකුත් නැනේ.එක නිසා දැන් කට්ටියටම නිදහසේ මනෝ පාරක ඉන්න බාධාවකුත් නැනේ.කොයි හැටි වෙතත් මේකේ හොද සහ නරක කියන දෙපැත්තම තියෙනවා.
අපි අපි පාවිච්චි කරන ෆෝන් මියුසික් ප්ලෙයර්ස් වගේ දෙවල් ලංකාවට තොග පිටින් එන්නේ චීනෙන් බව අපි කව්රුත් හොදටම දන්නවනේ.එ වගේ චීන බඩු වල කොලිටිය ගැනත් කට්ටියට අලුතෙන් කියන්න ඕනේ නෑනේ.නිකමට හිතන්න නියමිත ප්‍රමිතියකට නැති මේ ප්ලෙයර්ස් වලින් අපි ෆුල් වොලියුම් දාගෙන සිංදු අහද්දි අපේ කනට කොච්චර ආතල් එකක් දැනිලා ඇද්ද...? මන් හිතන විදියට මේවායේ ප්‍රමිතිය ගැන කව්රුවත් විමසිලිමත් වෙන්නේ නෑ.මිල ගැන පමණයි හැමෝම බලන්නේ.

මේ පහතින් තියෙන්නේ කනත ව්‍යුහය.


කනක් හැදිලා තියෙන්නේ බොහොම සියුම් පටක වලින් කියන දේ ඔය හැමෝම දන්නවනේ.ඉතින් එතම් සියුම් ඉන්ද්‍රියකට ඔයාලා දෙන දස වද දරාගන්න පුලුවන් වෙයි කියලා ඔයාලා හිතනවද..?

මේ පහතින් තියෙන්නේ අපි හෙණ ගහන සද්දෙන් කන පැලෙන්න අහන සිංදු වර්ග category කලොත් එවායේ ශ්‍රව්‍ය සංඛ්‍යාත පරාසය විහිදෙන අකාරය..






දවසකට පැය දෙකක් හෝ තුනක් ගානේ  අවුරුදු 5ක් විතර අපි මේ ව්‍යායාමේ දිගටම කරගෙන ගියෝත් අපිට කනක් ඉතුරු වෙයිද කොල්ලනේ කෙල්ලනේ....?

මේක ගැන දිගට කතා කරමු .අදට ඇති වගේ.මහන්සියි